ghana-twitter

මින් ඉහත ට්විටර් ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය අප්‍රිකානු ඝානාවේ ශාඛා සමාගමෙහි  කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ වැටුප් නොලද ගැටලුවක් පැවති අතර අවසානයේ වැටුප් ගෙවා ඇති බව ඔවුන් නියෝජනය කරන නියෝජිතායතනය පවසා ඇත.

2022 නොවැම්බරයේදී සමාජ මාධ්‍ය වේදිකාව විසින් ඔවුන්ව සේවයෙන් පහ කරන විට බොහෝ දෙනෙක් ඝානාවේ අගනුවර වන ඇක්‍රා හි මාස කිහිපයක සිට සේවය කරමින් සිට  ඇත.



එහිදී ඔවුන් පොරොන්දු වූ  අතිරික්ත මුදල් ගෙවීමට අපොහොසත් වීම නිසා එකී සේවකයන් විසින්  X ආයතනය  උසාවියට ගෙන යන බවට ප්‍රකාශ  කර තිබුණි.

ඒ පිලිබදව සමාගම අදහස් දක්වා නැති නමුත් X මීට පෙර පවසා ඇත්තේ තමන් විසින් හිටපු සේවකයන්ට සම්පූර්ණයෙන් ගෙවිය යුතු මුදල් ගෙවූ බවය.

2022 දී සමාගම භාර ගත් එලොන් මස්ක්, 6,000 කට වැඩි පිරිසක් සේවයෙන් පහ කරමින් දැවැන්ත ගෝලීය සේවක ඉවත්කිරීමක් ආරම්භ කර තිබිණ.

එයට හේතු වශයෙන් ඔහු පවසා තිබුනේ ආයතනයට දිනකට ඩොලර් මිලියන 4 (පවුම් මිලියන 3.5) කට වඩා අහිමි වන බවයි.

කෙසේනමුත් වාර්තා වන ආකාරයට 20 ට වඩා අඩු සංඛ්‍යාවක් සිටින අප්‍රිකානු කණ්ඩායම,

Covid-19 වසංගතය අතරතුර මාස අටක පමණ නිවසේ සිට වැඩ කිරීමෙන් පසුව Accra හි X හි නව කාර්යාලයට ගොස් ඇත.

කාර්ය මණ්ඩලය සඳහා නීත්‍යානුකූල නියෝජනයක් සපයන සමාගම වන ඒජන්සි සෙවන් සෙවන් ගෙවීම් ප්‍රමාණය සඳහන් කර නොමැති නමුත්, විදේශ කාර්ය මණ්ඩලය සඳහා අතිරික්ත පියවීම් සහ ආපසු ගෙන්වා ගැනීමේ වියදම් ලබා ගැනීමේ තම ගවේෂණය සාර්ථක වූ බව පවසා ඇත.

සෙවන් සෙවන් ඒජන්සියේ කාර්ලා ඔලිම්පියෝ  පවසා ඇත්තේ අවසානයේ ඔවුන්ට ලැබිය යුතු දේ ලබා ගැනීමට හැකිවීම ගැන ඔවුන් ඉතා සතුටු වෙන බවත්,මෙය ඔවුන් ලද ජයග්‍රහණයක් බවත් ය.