මේ දිනවල දිවයින පුරා ප්‍රදේශ රැසකම දැඩි උණුසුමක් පවතින අතර, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද එම උණුසුම් කාලගුණ තත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇළ දොළ සහ ළිංවල ජල මට්ටම පහත ගොස් ඇතැයි ද පැවැසේ.
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසකම ප්‍රධාන වශයෙන් පවතින වැසි රහිත උණුසුම් කාලගුණ තත්වය ලබන මාර්තු මාසය මැද පමණ තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසීය.
කෙසේ වෙතත්, 25 වැනිදායින් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අතරින් පතර වැසි අපේක්ෂා කරන බව ද මෙන්ඩිස් මහතා කීය.
ඒ හැරුණු විට, මාර්තු මාසය මැද පමණ තෙක් මෙම වැසි රහිත උණුසුම් කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බවත් ඔහු කීවේය.
නිමල කොඩිතුවක්කු
Comments
Post a Comment
Your comment will be visible after approval