හික්කඩුව පොලිස් වසමේ ප්‍රධාන පෙලේ පාසැල් අසල වෙළෙද සැල් පවත්වාගෙන යමින් බාල වයස්කරුවන්ට සිගරැට් විකුණන ලද වෙළෙද සැල් හිමියන් 08 දෙනෙකු ඊයේ (10) හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා හෙට (12) දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සැකකරුවන් අද (11) පෙරවරුවේ පොලිස් ඇපමත මුදාහැර තිබේ.
මෙසේ නඩු පවරා පොලිස් ඇපමත මුදාහැර ඇත්තේ ගාලුපාර, දොඩන්දූව පදිංචි සනික්කු හැන්නදිගේ සමරජිත් (62), කුරුදුවත්ත, බටපොළ පදිංචි කාරියවසම් කංකානම්ගේ ආරියදාස (70), කුමාරකන්ද, දොඩන්දූව පදිංචි නිරෝෂා ප්‍රියදර්ශණී අබේසේකර (44), මොදර පටුවත, ද

ොඩන්දූව පදිංචි විතානගේ අසංග (67), හෙන්නතොට, දොඩන්දූව පදිංචි සේනාධීර පතිරණලාගේ ප්‍රදීප් (52), රන්විල, හික්කඩුව පදිංචි ලියන බඩැල්ලගේ සෝමරත්ත (73), මලෑගස්හින්න, හික්කඩුව පදිංචි තොම්ගම් ගුරුගේ රේණුකා (50) සහ බද්දේගම පාර, හික්කඩුව පදිංචි සුවාරිස්ගේ නන්දසේන (65) යන අට දෙනාය.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදගිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත වයස අවුරුදු 17 ක් වන උපාය දූතයෙකු යොදවා සිගරැට් මිළ දී ගැනීමට සලස්වා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ගේ වෙළෙද සැල්වල තිබූ සිගරැට් තොගද නඩු භාණ්ඩ ලෙස පොලීසියේ බාරයට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 21 ට අඩු බාලවයස්කාර දරුවන්ට සිගරැට් අලෙවිය නීතියෙන් තහනම් කර තිබෙන බවත් මෙම වෙළෙද සැල් හිමියන් පාසැල් අසල පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පංති වලට පැමිණෙන දරුවන් ඉලක්කකර ගනිමින් සිගරැට් අලෙවි කරන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව පාසැල් දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් හා ගුරුවරුන් ඒකාබද්ධ කර එක් එක් පාසැල් ඉලක්ක කර ගනිමින් පිහිටුවා තිබෙන ‘පවුර සංසදය’ වල සහය

ඇතිව මෙම මෙහෙයුම දියත් කරන ලද බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කලේය.
හික්කඩුව පොලිස් වසම තුල පිහිටි හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසැල, දේඩන්දූව ශ්‍රී රෝහණ විද්‍යාලය, හෙන්නාතොට මහ විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය ආදී පාසැල් රැසක් වෙනුවෙන් මෙසේ ‘පවුර සංසද’ පිහිටුවා තිබෙන බවද හික්කඩුව පොලීසිය කියයි.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සදසිරි, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැටලීම සිදුකර තිබේ.
හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පොලීසියේ බාරයට ගන්නා ලද සිගරැට් පරීක්ෂා කරන ලද අයුරු ඡායාරූප මගින් දැක්වේ.

 (ජයකාන්ත ලියනගේ  -  බළපිටිය )