
කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ භාරයේ සිටි "අසේල" නැමැති අලියාට පැණි කොමඩු ගෙඩියකට වස මිශ්‍ර කොට කෑමට සැලැස්සූ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මාස හයක පමණ කාලයක් මෙලෙස සැඟව සිට ඇති බව පෙලීසිය පවසයි.
මහනුවර, කටුකිතුල, පන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙනත් කිසියම් සිද්ධියක් සඳහා මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනය කිරීමේදී මෙම සිද්ධිය අනාවරණය වී කතරගම පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් යවා මෙම සැකකරු රැගෙන විත් ඇති බව කතරගම පොලිසිය පවසයි.
කතරගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval