record-breaking-balloon-dragon-hong-kong

විදෙස් මාධ්‍ය වාර්තා අනුව හොංකොං සාප්පු සංකීර්ණයක දළ වශයෙන් බැලූන් 38,000 යොදාගෙන සාදන ලද මකර ප්‍රතිමාවක් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.

එය ප්‍රධාන වශයෙන් Sze Tai "Wilson" Pang සහ Kun Lung Ho විසින් මුලිකත්වය ගෙන සිදු කල අතර  සකස්කිරීම  සදහා  ස්වේච්ඡා සේවකයන් 60 කට වැඩි පිරිසක් හවුල් වී ඇත.



මෙම බැලුන් මකරාගේ දිග අඩි 137 ක් වූ අතර, මකරෙකුගේ විශාලතම බැලූන මූර්ති සඳහා ගිනස් ලෝක වාර්තාව ද ඊට හිමිවී ඇත.

මෙම මූර්තිය චීන අලුත් අවුරුදු උත්සවයේ කොටසක් ලෙස නිර්මාණය කර ඇති අතර එය පෙබරවාරි මස අවසානය දක්වා පවතිනු ඇත.

කෙසේවෙතත් මෙය සැකසීමට හවුල් වූ ශිල්පීන් පැවසුවේ, නිර්මාණය සකසන තෙක්ම බැලුන් මකරාට  කිසිදු ආධාරකයක් නොමැතිකම ඔවුනට විශාල අභියෝගයක් වූ බවයි.