dewalegama-incident

දේවාලේගම පොලිස් වසමේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි යුවළක් දෙස හුළං කවුළුවකින් ඛලා සිටි ලැගුම්පොළේ කළමනාකාරවරයාට තරුණයකු 20 දා පෙරවරුවේ උදලු මිටකින් පහරදීමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දේවාලේගම පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල, රංවල ප්‍රදේශයේ පදිංචිව සිටින දේවාලේගම පොලිස් වසමේ පිහිටි ලැගුම්හලක හිමිකරුවෙකු වන 49 හැවිරිදි විවාහක කළමනාකාරවරයකු බව පොලිසිය කියයි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කළමනාකාරවරයාට දේවාලේගම

පොලිස් වසමේ ලැගුම්හලක් ඇති බවත් එහි කාමර ගණනාවක් ඇති බවත් පොලිසිය පැවසීය.මෙම ලැගුම්හලට ඉකුත් දා(20) පෙරවරුවේ වසර හතක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන 26 හැවිරිදි තරුණයෙකු හා 23 හැවිරිදි තරුණියක පැමිණ තිබෙන බව පොලිසිය කියයි.

තරුණයා හා තරුණිය කළමනාකාරවරයාට මුදල් ගෙවා කාමරක් ගෙන ඇතුළතට ගොස් ඇති බවත් කළමනාකාරවරයා පැයකට පමණ පසුව කාමරයේ පිටතින් ඇති හුළං කවුළුව අසලට ගොස් සිමෙන්ති ගඩොල් කැට දෙකක් තබා කවුළුවෙන් කාමරය දෙස බලා ඇත. එම අවස්ථාවේ දී කාමරයේ සිටි තරුණයා කවුළුවෙන් කවුරු හරි බලනවා යැයි පවසා තුවායක් හැඳ එළියට පැමිණෙන අවස්ථාවේ දී යමෙක් දිවයන අයුරු දැක ඉහළ මාලයේ සිටි සේවකයෙකුට දන්වා ඇත.

සේවකයා කළමනාකාරවරයාට පැමිණෙන ලෙස දන්වා සිටිය ද පැමිණ නැති බවත් කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

සිද්ධිය වූ අවස්ථාවේ දී ලැගුම්හලේ තරුණ ජෝඩු තුනක් සිට ඇති අතර, කළමනාකාරවරයා හුළං කවුළුවෙන් කාමරය දෙස බලන අයුරු හා කාමර වටේ ගමන් කරන අයුරු ලැගුම්හලේ සවි කර ඇති සී. සී. ටී. වී. කැමරාවල දර්ශනවල පටි ගත වී ඇති බවත් අනාවරණය වෙයි. දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගන රණසිංහ මහතාගේ උපදෙස් පරිදි නිලධාරීහු සිදු කරති.
චමින්ද වැවතැන්න