
මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම්වූ ඉන්දියාවේ දැවැන්ත අමුල් (AMUL) සමාගම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සිය දැඩි විරෝධය පළ කර තිබෙන අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ
කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් ඉන්දියාවේ අමුල් සමාගමට ඉතා අඩු මිලට විකිණීමට සූදානම් වන බවයි.
මේ වන විට අමුල් සමාගම අදාළ ඉඩම් හඳුනාගැනීම සඳහා පැමිණ සිටින බවත් මෙම කටයුතු වහා නවතා දමන ලෙසත් නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ අමුල් සමාගම ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යන ආයෝජනය පිළිබඳවද සොයා බලා ඇත.
දැනට මතු වී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි තත්වයන් විසඳාගතහැකි ආකාය සාකච්ඡා කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval