පකිස්තානයේ මහමැතිවරණයේ අවසන් වරට නිකුත්ව ඇති ප්‍රතිඵලය අනුව කොට්ඨාස 265 කින් 250 ක ප්‍රතිඵල නිකුත්ව තිබේ. සිරගත හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහය පළකරන පීටීඅයි පක්ෂය සමග ගිවිසුම්ගත ස්වාධීන අපේක්ෂකයින් කොට්ඨාස 99 ක් ජයග්‍රහණය කර ඇති අතර විරුද්ධවාදී ඛාන්ට එරෙහි කුමන්ත්‍රණකාරී නවාස් ෂරීෆ්ගේ පක්ෂය PMLN - 71 ක් ජයගෙන ඇත.
ඊට අමතරව PPP - 53 ක් සහ වෙනත් සුළු පක්ෂ 27 ක් ජයගෙන ඇත.
කොට්ඨාස 01 ක ඡන්දය කල් දමා ඇති අතර ප්‍රකාශයට පත්කරන්නට තවත් 15 ක් ඉතිරිව තිබේ.

 රජයක් පිහිටුවීමට නම් එක් පිරිසක් 133 ක බහුතරයක් ලබාගත යුතු බැවින් කිසිදු පක්ෂයක් ඒ දක්වා යන අයුරක් නොපෙනෙයි. මේ අනුව සභාග රජයක් පිහිටුවන්නට සිදුවන අතර එය බොහෝ විට දුර්වල එකක් වනු ඇතැයි විශ්ලේෂකයින් මත පළ කර තිබේ.

ඉම්රාන්ගේ පිලට සභාගය තනන්නට අවස්ථාව වැඩි නමුත් නවාස් ෂරීෆ් ද තමන් සභාගයක් සදහා සූදානම් බව කියමින් අන් පක්ෂ වෙත දෑත් දිගු කර තිබේ.
නවාස් ෂරීෆ් පවසන්නේ තම පක්ෂය විශාලතම පක්ෂය බවට පත්ව ඇති බවත් තමන් සමඟ සන්ධානයට එක්වන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටින බවත්ය.
ඉම්රාන්ගේ PTI මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කිරීමෙන් පසු පිළිගත් පක්ෂයක් නොවන බැවින් තාක්ෂණික වශයෙන් ෂරීෆ් මහතාගේ PML-N විශාලතම නිල දේශපාලන කණ්ඩායම වේ.
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බ්‍රහස්පතින්දා පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා පවත්වමින් දන්වා සිටි අතර
AI භාවිතයෙන් නිර්මාණය කරන ලද X හි පළ කරන ලද වීඩියෝ පණිවිඩයක , ඛාන් කියා සිටියේ ඔහුගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය "විශිෂ්ට ජයග්‍රහණයක්" ලබා ගත් බවයි.

කිසිවෙකුට සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීම දැනගන්නට තව ටික කලක් ගත විය හැකි බව විශ්ලේෂක මතයයි.