
ගිලන්ව ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රකට දේශපාලන විචාරකයකු, දේශපාලනඥයකු, අර්ථ ශාස්ත්රඥයකු සහ හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාට සෙත්පතා ආශිර්වාද පූජාවක් අද (12) සවස 6.00ට කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ගත් කතුවරයකු ද වන සූරියප්පෙරුම මහතා දිගු කලක් පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකේය සමාජය දැනුමෙන් පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දැරුවේය. දැඩි සේ ගිලන්ව සිටින මේ විද්වතාට සෙත්පතා පැවැත්වෙන ආශිර්වාද පූජාවට සහභාගී වන්නැයි එය සංවිධාන කරන හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වංශනාථ විජේසිංහ මහතා සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් පද්මසිරි ලියනගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval