අම්මයි තාත්තයි ඊයේ (11) පාන්දර ඇහැ­රලා හිටියා.මටත් යාන්ත­මට ඇහැ­රිලා ඇ⁣දේ හිටියා. එක පාරට ගෙට පහළ කුඹුර පැත්තෙන් අම්මෝ කියා කෑ ගහ­නවා ඇහුණා. පස්සේ මම අම්මාට කිව්වා ගිහින් බලන්න කියලා. අම්මා ගිහින් බලලා කෑ ගහ­ගෙන තාත්තාට කරන්ට් වැදිලා කියා කෑ ගැහුවා යැයි ඌරන්ට විදුලි රැහැන් ඇද තිබුණු විදුලි රැහැ­නක පැටළී මිය ගිය තිදරු පියාගේ දෙවැනි දුව වන 29 හැවි­රිදි අචිනි දිලං­ගනී රාම­නා­යක නැමැති අවි­වා­හක තරු­ණිය හැඩූ කඳු­ලින් පැව­සු­වාය.

මෙලෙස විදුලි සැර වැදී ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ මාව­නැල්ල අට්ටා­පි­ටිය ලිපි­නයේ පදිං­චිව සිටි 63 හැවි­රිදි සුනිල් රාම­නා­යක නැමැති තිදරු පියෙකි. මිය ගොස් ඇති තිදරු පියාගේ නිව­සට පහ­ළින් කුඹු­ර­කට කලක සිට යන එන වල්ඌ­රන්ට යම් පුද්ග­ල­යෙක් විදුලි රැහැන් ඇද ඇති අතර විදුලි රැහැන් අදින්නේ කවු­දැයි සොයා බැලී­මට තිදරු පියා ඊයේ(11)පාන්දර කුඹු­රට ගිය අව­ස්ථාවේ දී විදුලි රැහැන් ඇද තිබුණු රැහැ­නක පැටළී විදුලි සැර වැදී ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබුණි. පසුව අන­තුර සම්බ­න්ධ­යෙන් තිදරු පියාගේ බිරිය මාව­නැල්ල පොලි­සි­යට පැමි­ණිලි කර තිබුණි. පැමි­ණි­ල්ලට අනුව මාව­නැල්ල පොලි­සිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසුව මාව­නැල්ල වැඩ බලන මහේ­ස්ත්‍රාත් ඩබ්ලිව් එස්. රූප­සිංහ මහතා විසින් සිද්ධිය වු ස්ථානයේ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කෙරිණ.


පසුව දේහය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ(11) සවස කෑගල්ල මහ රෝහලේ දී පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මිය ගිය තිදරු පියාගේ දෙවැනි දිය­ණිය මෙසේද කීවාය.

මට වැඩි­ම­හල් සහෝ­ද­රි­යක් හා බාල ⁣සහො­ද­ර­යෙක් සිටි­නවා.මල්ලී යුද හමු­දාවේ පල්ලේ­කැලේ කඳ­වුරේ සේවය කර­නවා. මම රැකි­යා­වක් කරන්නේ නෑ. තාත්තයි අම්මයි සමඟ ගෙදර ඉන්නවා. තාත්තා කුලී වැඩ කර­නවා. අම්මා බීඩි ඔත­නවා.

අපට කුඹුරු නෑ. නමුත් ගෙට පහ­ළින් කුඹුරු තිබෙ­නවා. ඒ කුඹු­රට යන එන වල්ඌ­රන්ට කවුරු හරි කෙනෙක් කාල­යක ඉදලා විදුලි වයර් අදි­නවා. එක දව­සක් හොරෙන් විදු­ලිය ගන්න කණුව ළඟ තිබිලා සෙරෙප්පු දෙක­කුයි විදුලි කණු­වට නගින්න හදා ගත්ත වළ­ල්ල­කුයි තිබිලා හම්බ වුණා.

ඊයේ(11) පාන්දර තාත්තයි අම්මයි නැගි­ටලා ඉන්න බව මට යාන්ත­මට වගේ දැනුණා. පස්සේ තාත්තා අම්මා හදලා දීලා තියෙන තේ කෝප්ප­යක් බීලා කවුද විදුලි වයර් අදින්නේ කියා ගෙට පහළ තියෙන කුඹු­රට එළි­ය­ක්වත් නැතිව ගිහින් තියෙ­නවා.


පස්සේ මට යාන්ත­මට ඇහුණා අම්මෝ කියා කෑ ගහ­නවා. පස්සේ මම නැගි­ටලා අම්මාට කිව්වා කවුද කෑ ගැහුවා ඇහුණා කියලා. පස්සේ අම්මා පහළ කුඹු­රට ගිහින් බැලුවා. තාත්තාට කරන්ට් එක වැදිලා කියලා කෑ ගැහුවා. අම්මා මාමාට කතා කරන්න ගියා. ඒ අය සමඟ අම්මා යළි ඇවිත් බලන කොට ඇදලා තිබුණ කම්බි ඉවත් කර තියෙ­නවා. පස්සේ පොලි­සි­යට කිව්වා. පොලි­සිය සමඟ මාව­නැල්ල වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා ආවා. අම්මයි මමයි පෙනී සිටියා.

තාත්තාගේ දේහය කෑගල්ල මහ රෝහ­ලට ගෙන ආවා. ඒ වේලාවේ දී පොලි­සි­යට අම්මයි මමයි ප්‍රකාශ ලබා දුන්නා­යැයි පැව­සු­වාය. එහිදී මිය ගිය තිදරු පියාගේ බිරිය වන 60 හැවි­රිදි පද්ම­ලතා මැණිකේ නැමැ­ත්තිය ද ප්‍රකාශ ලබා දුන්නාය.

මිය ගිය පුද්ග­ල­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ(11) කෑගල්ල මහ රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය බණ්ඩා­රගේ සංජය මහතා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත් වීය. තිදරු පියා දකුණු අතින් විදුලි රැහැන ඇල්ලී­මෙන් විදුලි සැර වැදී ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇති බව වෛද්‍ය­ව­රයා පොලි­සි­යට පැව­සීය.

මාව­නැල්ල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලසන්ත කළු­ආ­රච්චි මහ­තාගේ උප­දෙස් පරිදි උප පොලිස් පරී­ක්ෂක කරු­ණා­රත්න ⁣පොලිස් කොස්තා­පල් පුෂ්ප කුමාර (28562) කෑගල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගා­රයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජය­ලාල් මල­න්දෙ­ණිය පොලිස් සැර­යන් අල­හ­කෝන් (7393) නිල­ධා­රින් කණ්ඩා­යම විම­ර්ශන කට­යුතු සිදු කළහ.
(චමින්ද ජයලත්)