sanath-nishantha-driver-kills-man

අද (25) දින රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මරණයට පත් කරමින් සිදුවූ රිය අනතුර ගැන සිදුවන කථාබහ අතරේ මීට පෙර  එම රථයෙන්ම සිදුවූ මරණීය අනතුරක් ගැනද සිහිපත් කිරීම වටී.
මීට වසරකුත් මාස තුනකට පමණ පෙර පසුගිය 2022 ඔක්තෝබර් 15 වැනිදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපැදවීමක නිරතවී මෙම අනතුර සිදුකර තිබුණි.


පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට
රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන්
භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේය.


රාජ්‍ය ඇමතිවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදුවිය.
බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා සති දෙකකට පසු 30දා සවස මියගොස් තිබේ.

මෙසේ මරණයට පත්ව තිබුනේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔහු දෙදරු පියකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය.
මියගිය පුද්ගලයා ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.


 අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.