
බ්‍රහස්පතින්දා පාන්දර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා රාත්‍රී සහභාගීවී තිබුනේ මංගල උත්සවයකටය. හලාවත බණ්ඩාරවත්ත Nilawin හෝටලයේ පවත්වන්නට යෙදුන එම මංගල උත්සවය ඔහුට සමීප ඥාති සම්බන්ධයක්ද පවතින පුත්‍රයෙකුගේ එකක් විය. ලහිඳු ඉෂාන් හා වර්ෂා සත්සරණී ගේ විවාහ මංගල්‍යයට සනත් නිශාන්ත අවසන් වරට සහභාගී වී තිබුණි.
‘සූස්තරේ‘ , ‘මියුසික් පිස්සා‘ හා ‘ලහියා‘ වැනි ෆේස්බුක් පිටු පවත්වාගෙන යන මෙම යුවළ සනත් නිශාන්තව අමතන්නේ ‘මාමා‘ යනුවෙනි.
සිද්ධිය ගැන දැනගන්නට ලැබීමෙන් පසු ලහිඳු ඉෂාන් මෙම සටහන බෙදාගෙන තිබුණි.
“හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා. මං වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ ඒක මට කොහොමත් දරා ගන්න අමාරුයි.
නිවන් සුව ලැබේවා මාමෙ ❤️“

Comments
Post a Comment
Your comment will be visible after approval