julie-chung-sri-pada

ලෝක­වාසී බෞද්ධ­යන්ගේ පූජ­නීය වන්දනා ස්ථාන­යක් ලෙස සැල­කෙන ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චැන්ග් මහ­ත්මිය ද පැමිණ තිබේ.

වන්දනා නඩ සහ වික්‍ර­ම­යන්ට ප්‍රිය­ක­රන පුද්ග­ල­යන් සමඟ එක්ව ශ්‍රී පාද­ස්ථා­නය වැඳ­පුදා ගෙන තිබෙන ජූලි චැන්ග් මහ­ත්මිය සම­නල කන්දේ ඇති ස්වභාව සෞන්ද­ර්යය, ඓති­හා­සික වැද­ග­ත්කම අගය කර­මින් මෙන්ම සියලු ආගම් ශ්‍රී පාද­ස්ථා­න­යට දක්වන ගෞර­වය සිතෙහි තබා­ගෙන තමා ශ්‍රීපාද කන්ද තර­ණය කළ බව ද සඳ­හන් කරයි.



ශ්‍රී පාද කන්ද තර­ණය කිරීම අභි­යෝ­ග­යක් ගෙන දුන් නමුත්, කඳු මුදු­නට දර්ශ­නය වන ඉර සේවය දුටු විට එම අභි­යෝ­ගය භාර ගැනීම පිළි­බ­ඳව සතුටු වූ බව ප්‍රකාශ කරන තානා­ප­ති­නිය දුර බැහැර සිට ගමන් කරන තරුණ තරු­ණ­යන්ගේ සිට එකි­නෙ­කාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකි­ක­යන් සමඟ සිදු වූ උණු­සුම් හමු­වීම් මෙම ගමනේ වැද­ගත් සිදු­වීම් බව ද කියා සිටී. තේ පානය කරන අත­ර­තුර ඇති වූ සංවාද සහ උණු­සුම්ව සිටී­මට ඔවුන් දුන් උප­දෙස් ශ්‍රී ලාංකි­ක­යන් පිළි­බඳ තමන්ට තිබූ ගෞර­වය තවත් වැඩි­කළ බව ද ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­ති­නිය පෙන්වා දෙයි.

මුහුදු මට්ටමේ සිට මීටර 2,243ක් උසින් පිහිටි ශ්‍රී පාද­ස්ථා­නයේ ඇති ඓති­හා­සික වටි­නා­කම හේතු­වෙන් විවිධ ජන­වර්ග තමන්ට ආවේ­ණික නම්ව­ලින් ශ්‍රී පාද­ස්ථා­නය හඳු­න්වන අතර, බෞද්ධ ජනයා 'ශ්‍රී පාද' යන නාමය ඈත අතී­තයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජ­නීය කන්ද හඳු­න්වති. එය පාලි භාෂා­වෙන් නිර්මා­ණය වූ වච­න­යක් වන අතර, බෞද්ධ­යන් විශ්වාස කරන පරිදි බුදු­ර­ජා­ණන් වහන්සේ තුන්වැනි වරට ලක්දි­වට වැඩම කළ අව­ස්ථාවේ සම­නල කඳු මුදුනේ උන්ව­හ­න්සේගේ වාම සිරි පතුල සල­කුණු කොට ඇත.



දමිළ වැසි­යන් ශ්‍රී පාද­ස්ථා­නය සල­කන්නේ ඔවුන්ගේ දෙවි කෙ‍ෙනකු වන ශිව දෙවි­යන්ගේ පා සට­හන සල­කුණු කොට ඇති ස්ථානය ලෙස වන නමුත් අනෙ­කුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝක­යට පැමි­ණෙන විට ඔහුගේ පා සට­හන කඳු මුදුනේ සල­කුණු කොට ඇති බවයි. ශ්‍රී පාද­ස්ථා­නය සම­නල කන්ද ලෙස ද හඳු­න්වයි. එසේ හඳු­න්වන්නේ සම­න­ල­යන් උන්ගේ වාර්ෂික සංක්‍ර­ම­ණයේ දී ශ්‍රී පාද­ස්ථා­නයේ වාසය කරන බව සල­කන බැවිනි.

සුමන සමන් දෙවි­යන් ශ්‍රී පාද­ස්ථා­නයේ වාසය කරන බව සලකා 'සමන්ත කූට' යන නමින් ද ශ්‍රී පාද­ස්ථා­නය හඳු­න්වයි. මීට අම­ත­රව 'රත්න­ගිරි', 'ස්වර්ග­රෝ­හ­නම්' යන නම්ව­ලින් ද ශ්‍රී පාද­ස්ථා­නය හඳු­න්වන නමුත් මෙහි සැබෑ අයි­තිය සිංහල බෞද්ධ­යන් සතුය. එය ඔවුන්ගේ වසර 2500ක අධික ඉති­හා­සය පිරික්සා බැලීමේ දී මනාව පැහැ­දිලි වන අතර, මෙහි ඇති ඵෙති­හා­සික පසු­බිම සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කානු තානා­ප­ති­නි­යගේ ද අව­ධා­නය යොමුව තිබේ.