
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි දෙමහල් නිවෙසින් රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ සොරාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
සොරාගෙන තිබූ දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් එක් ලක්‍ෂ පනදස් දහසක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක්, වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ද වන බව පොලිසිය පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා ඉකුත් 20 වැනිදා කොළඹ නිවසට පැමිණ යළි විසි වැනි දින එම නිවසට පැමිණි අවස්ථාවේ දී නිවස සොරුන් කඩා ඇති බව දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මුළුතැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළුවී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට හිටපු ජනපති දියණියගේ ව්‍යාපාරික සැමියා පොලිසියට පැමිණිලි කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා කීය.
තලංගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි නවගමුව මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval