A-stock-of-whiskey-bottles-in-the-Colombo-Magistrate's-Court-case-room-has-gone-missing

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ තිබූ විස්කි බෝතල් තොග­යක් අතු­රු­ද­න්වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ලද පැමි­ණි­ල්ල­කට අදා­ළව විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව කොළඹ අප­රාධ කොට්ඨා­සය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදි­රියේ ඊයේ (22) කරුණු වාර්තා කළේය.



මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කොළඹ අප­රාධ කොට්‍ඨා­ස­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ භාර­කරු සංජී­වනී ඉනෝකා පණ්ඩි­ත­රත්න මහ­ත්මිය විසින් ඉකුත් වසරේ ඔක්තෝ­බර් මස 10 වැනි­දාය. සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඉකුත් 2015 වර්ෂයේ රේගු­වෙන් අත්අ­ඩං­ගු­වට ගත් මෙම විස්කි බෝතල් තොගය නඩු භාණ්ඩ වශ­යෙන් කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ අංක 05 අධි­ක­ර­ණයේ නඩු අංක බී 33409/05/15 යටතේ ඉදි­රි­පත් කර ඇති අතර, එම විස්කි බෝතල් තොග­යෙන් කොට­සක් අතු­රු­දන්ව ඇතැයි සඳ­හන් කර­මින් මෙම පැමි­ණිල්ල ඉදි­රි­පත් කර ඇතැයි කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබේ. ඒ අනුව, නඩු භාණ්ඩ වශ­යෙන් තිබී අතු­රු­දන් වූ එම බෝතල් තොගය සම්බ­න්ධ­යෙන් මෙම විම­ර්ශ­නය ආරම්භ කළ බවත් සිද්ධිය පිළි­බ­ඳව කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ භාර­කරු ඇතුළු නිල­ධා­රී­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගත යුතුව ඇති බවත් කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත. අදාළ ප්‍රකාශ ලබා ගැනී­මෙන් පසු විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසට මෙහිදී කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.



ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට නියෝග කර­මින් නඩුව බහා තැබීය. මෙම සිද්ධි­යට අදා­ළව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ විශේෂ විම­ර්ශන ඒකක 01 ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි.

නිමන්ති රණ­සිංහ