vegetable-price-hike

වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 600ද ඉක්මවා ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ලොකු ලූනු කිලෝවක් රුපියල් 550ත් 650ත් අතර මිලකට අලෙවි කරන අතර ඉදිරි දිනවල දී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 700 ද ඉක්මවනු ඇතැයි ඔවුහු කියති.



මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 520කටත් පිටකොටුව වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 525 කටත්, නාරාහේනපිට ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 450කටත් අලෙවි වන බව වෙළෙන්දෝ පවසති.

මේ අතර ලොකු ලූනු මිල ගණන් අසීමිතව ඉහළ යාම සහ මේ වනවිට ඉන්දියවේ පවතින දේශගුණික තත්වය මත අස්වැන්න නොලැබී යාම හේතුවෙන් ඉන්දියාව ලොකු ලුනු අපනයනයෙන් තාවකාලිකව ඉවත්ව ඇතැයි ආනයනකරුවෝ සඳහන් කරති.

මීට අමතරව වෙළෙඳ පොළේ ගෙවුණු සතිය තුළ දී දෙහි, අමුමිරිස්, තක්කාලි, ඉඟුරු, එළවළු, අලවර්ග, පළා වර්ග ආදී සියලුම ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද පාරිභෝගිකයෝ පවසති.

මහිෂා සිල්වා