dengue-6167

පසුගිය දින 18ක කාලයේදී (දෙසැම්බර් 1 වැනිදා සිට ඊයේ දක්වා) ඩෙංගු රෝගීන් 6167ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 49කි.මෙම වසරේ මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 82,655කි. එය ඉකුත් වසරට සාපේක්ෂව ඉහළ යෑමකි. පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,826කි.



ඩෙංගු රෝගය මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශ 65ක අධි අවදානම් මට්ටමින් පැතිර යන බවද ඩෙංගු මර්දන ඒකකය පවසයි.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා පෙන්වා දෙන පරිදි මෙම වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මැයි මාසයෙදීය. වාර්තා වූ රෝගීන් ගණන 9696කි. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. රෝගීන් සංඛ්‍යාව 38,031කි. මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ සබරගමුව වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවූ සෙසු පළාත්ය.

මහිෂා සිල්වා