
තමන් සතුව ඇති ගුවන්යානාවල දැනට පවතින බුමුතුරුණු ඉවත් කර පරිසර හිතකාමී බුමුතුරුණු ඇතිරීම මගින් මුදල් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත නව බුමුතුරුණු වර්ගය පරිසර හිතකාමී බවත් සැහැල්ලු බවත් හේතුවෙන් වසරකට රුපියල් මිලියන 21 ක් ඉතිරි කරගත හැකි වන බවයි.
කෙසේ වෙතත්, පසුගියදා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ ප්‍රධාන පුවතක් ලෙස පළ කර තිබුණේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන වාර්ෂික පාඩුව රුපියල් කෝටි 17කට අධික සංඛ්‍යාවක් පමණ වන බවයි.
කාර්ය මණ්ඩලය 6000ක් පමණ සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට ඉතිහාසයේ දරුණුම මූල්‍ය පාඩුවක් සිදු කළ ආයතනයක් ලෙසද එහි වැඩිදුරටත් දක්වා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval