ranjith-bandara-speaks

අද දින පාර්ලිමේන්තුවේදී තමාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය රංජිත් බන්ඩාර විශේෂ ප්‍රකාශයක් කලේය. එය මෙසේය.

 කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මම සභාවේ රැඳී නොසිටි අවස්ථාවක මගේ මන්ත්රී වරප්රසාද බලවත් ලෙස උල්ලංඝනය කර අභූත චෝදනා කිහිපයක් එල්ලවී තිබුණා. ඒ සඳහා පිළිතුරු දීමට කාලයක් මට ලැබුණේ නැහැ.
කථානායකතුමනි, අද මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි, විපක්ෂය එල්ල කළ චෝදනා මා එක එල්ලේ ප්රතික්ෂේප කරනවා.
මේ පිළිබඳව දැනටත් ඔබතුමා වෙත මා ලිඛිතව දන්වා තිබෙනවා. කාලය ඉතුරු කර ගැනීම සඳහා ඒ පිළිතුරු මම සභාගත කරනවා.
මා වෙත එල්ල කළ එක් බරපතල චෝදනාවක් සහ අප කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙක් වෙත එල්ල කරන ලද චෝදනාවක් පිළිබඳ මා පිළිතුරු සැපයිය යුතු වෙනවා.
ගරු හේෂා විතානගේ මන්ත්රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යයේ නිරත ලේකම්වරියකට ලිංගික හිරිහැරයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සිදු කළ බවට අභූත චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්ය චෝදනාවක් වන අතර ඒවා තරයේ ප්රතික්ෂේප කරනවා.
ගරු කථානායකතුමනි, එපමණක් නොවෙයි එම චෝදනා වරප්රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මම ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

එම චෝදනාවට මා වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස් වෙන්න මම සූදානම්. එමෙන්ම එතුමා වරදකරුවා ආවොත් මගේ වරප්රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතුයි. එවිට සභාවේ ගෞරව අපිට ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමා.
විසින් එක්තරා යූටියුබ් නාළිකාවකට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, දයාසිරි ජයසේකර මැතිතුමත් එතුමාට තර්ජනය කළ බව සඳහන් කර තිබෙනවා. ඒක ඉතා වැරදි පූර්වාදර්ශයක්. එම නිසා.
එවැන්නක් අපිට හොරෙන් සිද්ධ වෙන්න පුළුවන්කමක් නෑ. එතුමාට එවැනි අසාධාරණයක් සිද්ද වුනා නම් ඒ පිළිබඳවත් අපි වරප්රසාද කමිටුව හමුවේදී බලන්න ඕනි. එතුමාගෙන් ඒ පිළිබඳව අහලා එවැනි තර්ජනයක් කළා නම් එවැනි මන්ත්රීවරුන්ටත් වරප්රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනය කළ යුතුයි ගරු කථානායකතුමනි.
මා ඉලක්ක කර සතියක් තිස්සේ මේ ආකාරයට ප්රහාර එල්ල කරන්නේ ඇයිද කියන එක පිළිබඳ මේ රටේ මහජනතාව දැනගත යුතුයි.
ඒකට හේතු තුනක් තියෙනවා. පලවෙනි හේතුව තමයි නොවැම්බර් 21, 22, 23  ඉඩම් ප්රශ්න කොමිෂන් සභාව ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්ය වැවිලි. සංස්ථාව කෝප් හමුවට ගෙනඑන්නට තීන්දු කරලා තිබුණේ.
එක්තරා බරපතළ ඉඩම් වංචාවක් පිළිබඳව කරුණු විමසීම සඳහා.
මේ. වංචාව ආශ්රිතව. රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුවෙලා තියෙනවා කියලා කෝප් කමිටුව හමුවේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මතු කළ ප්රශ්නයකට පසුවයි මේ විමසීම් කෙරුණේ. මේ සිද්දියට අදාල ජ්යෙෂ්ඨ මන්ත්රීවරයෙකු පිළිබඳව නමක් සෑදී තිබෙනවා. දෙවන කාරණය තමයි.
කාලයකට පෙර කෝප් හමුවට අවස්ථා දෙකකදී සංස්කෘතික අරමුදල කැඳෙව්වා. එහිදී අනාවරණය වූ එක් සුවිශේෂී.
වැදගත් වංචාවක් පිළිබඳ විශ්රාමික විනිසුරුවරුන්ගේ ප්රධානත්වයෙන් වාර්තාවක් සකස් කරලා මේ වෙනකොට ඒ වාර්තාව කමිටුව හමුවට පැමිණිලා තියෙනවා එම වාර්තාව සකස් කිරීමේදී එවකට සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සිටි වත්මන් ජනාධිපතිතුමා.
එම පාලක මණ්ඩලයට නොපැමිණි බවත්.
අත්සන් නොකළ බවත් වත්මන් ජනාධිපති ලේකම්වරයා එවකට අග්රාමාත්ය ලේකම්වරයා ලෙස එම සභාවට නොපැමිණි බවත් අත්සන් නොකළ බවත් සඳහන් වෙනවා.
ඒ වගේම ඒ සභාවට පැමිණි අය අත්සන් තිබේ යැයි කියන කිහිප දෙනෙකුගේ අත්සන් පිළිබඳව විගණකාධිපතිතුමා ප්රශ්න කළ අවස්ථාවේ ඒ සී අයි ඩී එකට භාර දීලා තියෙනවා.


ඒ වගේම අපි මීට සති දෙකකට ඉස්සෙල්ලා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳෙව්වා. කැඳවන අවස්ථාවේදීත් මේ ආකාරයටම යම් යම් කරුණු පැනනැගිලා අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත්කරලා තියෙනවා.
තුන්වෙනි කාරණය තමයි ගරු. කථානායකතුමනි, නොවැම්බර්.
27 28 29 කියන දින 3 තුළ එකදිගට ක්රිකට් ආයතනය කැඳවන්න අපි තීන්දු කරලා තිබුණා. කොප් කමිටුව හමුවට ඒකට විරුද්ධ වෙච්ච.
පිරිසක් හිටිය . බහුතරය කැමැති වුණා.
මේක ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා මා හිතනවා අකමැති වෙච්චි පිරිස බොහොම දෙනෙක් ක්රිකට් ආයතනය සමඟ.
ලැදියාවක් තියෙන අය ගරු කතා නමැති කථානායකතුමනි.
මේ කාරණා ප්රමාණවත් නේද මගේ පුද්ගලික සහ අවුරුදු තිහක විශ්වවිද්යාල ජීවිතයට.
මා උපයාගත් සියලුම ශාස්ත්රීය වටිනාකම්වලට මේ සභාව තුළ මට අගෞරවයට පත් කිරීමට හේතු වෙච්ච කාරණා පිළිබඳව.
ගරු කථානායකතුමනි, අපි අමාරුවෙන් මේ ස්ථාන වලට ආපු මිනිස්සු.
අපේ දෙමාපියන්ට මුදල් තිබුණේ නෑ.
මේ සාමාන්ය පෙළ කරන්න බැරි නම් පිටරට යවලා උගන්වන ය වගේ නෙමෙයි.අපි. ශිෂ්යත්ව දිනා ගෙන පිටරට ගිහිල්ල දිනාගත් උපාධි තමයි අපිට තියෙන්නේ අපි රස්සාවල් කරලා හම්බ කරපු මුදල් තමා අපි වියදම් කරන්නේ.
අපි ගැන කියන්න තියෙන දේවල් සහ අපේ වෘත්තීය සේවාවන් පිළිබඳ අපේ ප්රොෆයිල් වල අපි ඇතුළත්.
කරලා තියෙනවා. අපි ළඟ පිනට ගත්ත මුකුත් නෑ. ගරු.කථානායකතුමනි.
මේ කතාව අවසන් කරන්නේ එක්දහස් නමසිය 93.අප්රේල්.
23 දා ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතන වෙච්ච අවස්ථාවට.
පසුදින එවකට ජනාධිපතිවරයා විදිහට.කටයුතු ගරු. රණසිංහ ප්රේමදාස මැතිතුමා අප්රේල් මාසයේ 24 වෙනිදා එක්තරා ඓතිහාසික ප්රකාශයක් කරනවා. එතුමා කියනවා මාව ඝාතනය කරන්න. ඒත් ක්රමානුකූලව ගොඩනඟා ගේම මගේ.
චරිතය ඝාතනය. කරන්න එපා මං ලඟ අදත් තියෙනවා.
විපක්ෂ නායකතුමා ඔබතුමා ගේ පියා අපේ ඉස්කෝලේ. එක්තරා උත්සවයකට.
ඇවිල්ලා මගෙන් ප්රශ්නයක්. අහල මට තෑගි දීපු පෑන තියනවා.
අවාසනාවකට එතුමා ඊට සතියකට පස්සේ මැයි පළවෙනිදා ත්රස්ත බෝම්බ ප්රහාරයකින් ආමර් වීදියේදී මිය යනවා.
එතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ වුණත් එදා මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවා. මේ තමයි දේශපාලනයේ ඇත්ත. අපි හැමෝම එක පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා. ඒ තමයි අපි ජනතාව පීඩනයට පත් කළොත් ජනතාව ආපිට හැරිලා අපිට.
සලකන්නෙ ඒ ආකාරයට ම යි.
මම ෂොපින් බෑග් වල රෙදි දාගෙන කොළඹ අරා කොළඹ ආපු පරම්පරාවේ කෙනෙක්.

අපිට මේ හැම දේම නැති වුනත් ආයෙ දවසක අලුතින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. හෙට මේ පාර්ලිමේන්තුවේ මම පිට වුණත් මහාචාර්ය රංජිත් බණ්ඩාර විදිහට මෙස් මෙරට පිළිගන්නවා. මම කැමති එක්තරා උපමා කතාවක්.
කියලා මේකා.සභාව කතා කරලා අවසන් කරන්න.
දවසක් සිංහ කැලේ මැදින් යද්දී අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්.
සිංහයාට අභියෝග කළාලු අඩෝ පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට.
සිංහයා එක පාරට මේ අසූචි වලින් ඌරා දිහා බලලා.
අපෝ මේකට පා පාඩමක් උගන්වන මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟ පුරා ජරාව ගෑවෙනවා නේද? මූ වගේ මාත් ගඳ ගහයි නේද කියලා හිතලා ඉතින් නිහඬව ගියාලු.
දැන් ඉතින් අසූචි වලේ ඉන්න තඩි වුණා. හිතාගෙන ඉන්නේ සිංහය ඌට බයයි කියල.
ඇත්ත කාරණය නුවණක්කාර සිංහය ඌරාගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි. අපේ ජීවිත ගොඩනඟා ගන්න වෙලාවට.
අපි අසූචි වළවල් වල ඉඳගෙන කෑ ගහන ඌරු දියා ප්රවේශම් වෙන්නට ඕන උගේ තත්වයට.
වැටෙනවා නම් නුවණක්කාර සිංහයා වගේ වෙන්වෙලා.
අසූචි වළවල් වල ඉඳගෙන කෑගහනවලු හම්බුනොත්.
මේක තමයි මේ උපමා කතාව ඉගෙන ගත්තෙ. බොහොමත්ම ස්තූති කථානායක තුමනි“