රනිල් කියන්නේ ගෝඨා කොටේට. ජනාධිපතිවරණය තියන්නේම නෑ කියලා අභියෝග කරනවා නම් එයාගෙ කොටෙත් අපි කොට කරන බවට අභියෝග කරනවා යැයි ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (18) පැවසීය.ඔහු මේ බව පැවසුවේ

ජාතික ජන බලවේගය නුගේගොඩදී පැවැත්වූ ජනබල විරෝධතාව අවසානයේ පැවැති විරෝධතා රැලිය අමතිමිනි.ජාතික ජන බලවේගය නායකයන් සමග විශාල ජනතාවක් දෙල්කඳ මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා පැමිණීමෙන් අනතුරුව මෙම රැලිය පැවැත්විණ. එහිදී දිසානායක මහතා මෙසේ ද පැවසීය.



ලේනා කාලා ඉතුරු වෙච්ච අඹකොටේ ලේන් කොටේ. ගෝඨා කාලා ඉතුරු වෙච්ච කොටේ ගෝඨා කොටේ. දැන් රනිල් කියන්නේ ගෝඩා කොටේට. එයාට තෝරා ගැනීම් දෙකක් තියෙනවා. එකක් ව්‍යවස්ථාවට අනුව ලබන අවුරුද්දේ සැප්තැම්බර් දාහතෙන් පස්සේ ඔක්තෝබර් දාහතට කලින් ජනාධිපතිවරණය පැවැත්වීම. එහෙම නැත්නම් ජනාධිපතිවරණය තියන්නේ නෑ කියලා එයා කියනවා නම් අපි සූදානම් ලබන සැප්තැම්බර් දාහතට කලින් එයා ගෙදරයවන්න.

ඒ කියන්නේ ඔහුගේ කොටෙත් කොටවෙනවා.බලගතුම ජනාධිපති කියපු ගෝඨාභය රටේ ජනතාව ගෙදර යැව්වා.

ඒත් ඒ වෙලාවේ ඔහු ගෙදර යැව්වාට ඉන් ජනතාවට බලය එන වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒ නිසා කොහෙවත් හිටපු රනිල් ජනාධිපති වුණා. අපි සුදානම් නෑ අහක ඉන්න කෙනෙකුට ජනාධිපතිකම් අරන් දෙන්න. අපි රනිල් ගෙදර යවන්නෙ ජනතාවට බලය ලැබෙන වැඩපිළිවෙළක් සමගයි. ඒ නිසා අපි අභියෝග කරනවා ජනාපතිවරණය තියන්නෙ නෑ කියලා පුළුවන්නම් අද ප්‍රකාශයට පත් කරන්න කියලා.ලබන වසරට අදාළ අයවැය ඉදිරිපත් කරලා රනිල් වික්‍රමසිංහ කියනවා මේ ආර්ථිකය කියන කොට්ට උරය කණපිට පෙරළුවා කියලා. එයා මීට මාස කීපයකට කලිනුත් ඔය විදිහටම කිව්වා. එහෙම බැලුවම එයා කලින් කණපිට පෙරළුව කොට්ට උරය දැන් තියෙන්නේ ඊට කලින් තිබ්බ විදියටමය. ඒ කියන්නේ කිසි දෙයක් වෙලා නෑ කියන එකයි.
මුදිතා දයානන්ද