2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ සෑම සාමාජිකයෙකු මෙන්ම  විරාත් කෝලිද මානසිකව කම්පනයට පත්විය.
පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීම හේතුවෙන් තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු කෝලි, වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළ නමුත් කුසලානය අතට ගැනීමට කන්ඩායමට නොහැකි විය.
 කෝලිට ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා තරගයෙන් පසු හමුවිය .
අනුෂ්කා කෝලිව සනසන්න හැදු ආකාරය දැක්වෙන මෙම යුවළගේ ඡායාරූපය සමාජ මාධ්‍යවල පැතිරී ඇත.

කෝලි පන්දු 63කදී ලකුණු 54ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අතින් දැවී ගියේය. එම අවස්ථාවේ ඔහුගේ දැවී යාම පවා අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුරා කම්පන තරංග ඇති කළේ අනුෂ්කා පවා මවිතයට පත් කරමිනි.

මෙම පරාජයත් සමග දෙවැනි වරටත් ලෝක කුසලාන කිරුළ ඔසවා තැබීමේ කෝලිගේ සිහිනය ද අවසන් වී තිබේ. ඔහු තවත් එක්දින ලෝක කුසලානයකට ක්‍රීඩා කරයිද නැද්ද යන්න තවමත් අවිනිශ්චිතය.