Did-it-make-a-difference-because-of-the-Australian-captain-who-complained-about-the-pitch-before-the-final

ඊයේ අසල්වාසී ඉන්දියාවේ සිදුවූ ‘ලෝක කුසලාන ක්‍රිකට් පරාජය‘ එරට වැසියන්ට මහත් කම්පනයක් ඇති කළ සිදුවීමක් බවට පත්විය.
ඉන්දියාව සත්කාරකත්වය දරමින් පැවති ලෝක කුසලාන තරගාවලිය පුරාම විවිධ ‘නොමනා උපායන් ‘ යොදාගෙන තරග කළ බවට චෝදනා පැවතිණි. පන්දුවේ වෙනස්කම් සිදුකිරීම්, තණතීරුවේ වෙනස්කම් සිදුකිරීම් මෙන්ම පිටිය තුළදී කෝලිගේ හස්ත සංඥාව අනුව රසිකයින්ගේ පීඩාකාරී ඝෝෂා මතුකිරීම් වැනි උපායයන් ගැන අදහස් පළවිය. නමුත් තැනතැන විවේචන පළවූවත් කිසිවෙකු ඉන්දියාවට එරෙහිව නිල වශයෙන් මේවා ගැන චෝදනා කරේ නැත. එයට එක් හේතුවක් වන්නේ ක්‍රිකට් පාලනය කරන අයිසීසීයේ ඉහළ පුටු රැසක්ම ඉන්දීය ජාතිකයින් සතුව පැවතීම නිසා එවන් චෝදනා වලින් ඵලක් නොලැබෙන බැවිනි.



ලෝක කුසලාන අවසන් තරගය පැවැති අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි පිටියේ තණතීරුව සම්බන්ධයෙන් පැවති විවේචනාත්මක තත්වය ගැන දැන් කථාබහක් මතුවේ. එහි පිටිය සකස් කිරීමේ සේවකයින් වෙත ගොස් ඕස්ට්‍රෙලියානු නායක පැට් කමින්ස් පරීක්ෂාකාරී වූ බවටත් ඇතැම් වෙනස්කම් ඉල්ලා සිටි බවටත් කතාබහක් තිබේ. එසේම තණතීරුව සම්බන්ධයෙන් ඔහු තරගයට පෙර සෑහීමකට පත් නොවන බව ප්‍රසිද්ධියේ දන්වා සිටි බවද ක්‍රිකට් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
පැට් කමින්ස්ගේ කීමට තණතීරුව නිසි තත්වයට වෙනස්කලාද නැද්ද යන්න සලකා බැලිය යුතු කරුණකි.
තණතීරුව ඉතාම වැදගත් සාධකයකි.
ඊයේ තරග පරාජයට ඉන්දියාවට බලපෑවේ තණතීරුවේ මන්දගාමී හැසිරීම බව ක්‍රිකට් විචාරකයින්ගේ මතයයි. අවසන් තරගයට ටික දින කට පෙර ඉන්දියාව පකිස්තානය පරදා ජයග්‍රහණයක් අත්කරගත්තේද මෙම පිටියේදී වන නමුත් ඔවුන්ට ඊයේ ඕස්ට්‍රෙලියාවට එරෙහි තරගයේදී තණතීරුව වාසියක් අත්කරදුන්නේ නැත.



 සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර නරේන්ද්‍ර මෝදි හිදී පැවැති ICC ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා භාවිතා කිරීමට නියමිත තණතීරුව පිළිබඳව ඕස්ට්‍රේලියානුවන්  කනස්සල්ලට පත්ව තිබුනේ හේතු කිහිපයක් මතය.
එක් ප්‍රශ්නයක් නම් කඩුල්ලට විශාල ලෙස වතුර දමා නොතිබීමයි. ඕස්ට්‍රේලියානු සහායක කාර්යමණ්ඩලය නිලධාරියෙකු උපුටා දක්වමින් Cricbuzz.com වාර්තා කළේ, “තීරණය වූයේ තණතීරුවේ දෙපැත්තේ ඇති පැච් වලට වතුර දමා නොතිබීම හෝ කඩුල්ලේ කේන්ද්‍රය ලෙස පවතින තැන් නිසි ප්‍රමාණයට නොතිබීමයි. ”

“මගේ වැටහීම නම් එය මන්දගාමී පැත්තේ වනු ඇත. නමුත් හෙට එය කෙබඳු දැයි අපට තක්සේරු කළ යුතුයි, ”රෝහිත් තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. "ඔව්, දැන් බැලුවා. වෙනස්කම් හොඳයි..එය ඉතා ස්ථාවරයි වගේ හිතෙනවා..  ”කමින්ස් තරගයට පෙර තණතීරුව ගැන පවසා තිබුණි.