gurusetha-4-million

මහජන බැංකුව විසින් හදුන්වා දී ඇති ‘ගුරුසෙත‘ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර රුපියල් ලක්ෂ 420ක පමණ මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මහනුවර විශ්‍රාමික විහල්පතිනියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවස්ථා 26ක දී මහනුවර ප්‍රාදේශිකයේ මහනුවර, දෙල්තොට , කේ.සී.සී සහ ගම්පොල ශාඛා වලින් ඇය විසින් මෙම මුදල් ලබාගනිමින් වංචාවකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


හිඳගල හිල්ඔය පදිංචිකාරියක් වන ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය. ඇය අවුරුදු 69ක් වයසැති තැනැත්තියකි.

මූලික විමර්ශනවලට අනුව සැකකාර විදුහල්පතිවරයා කූට ලේඛන නිර්මාණය කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් සකස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම ව්‍යාජ ලියකියවිලි බැංකු ශවලිස් අවස්ථා 26කදී මුදල් ලබා ගැනීම සඳහා යොදාගෙන ඇත.

ගුරුවරුන්ට මූල්‍ය ආධාර සැපයීම සඳහා මුලින් ස්ථාපිත කරන ලද ණය ක්‍රමය ඔස්සේ මිලියන 4 ක් විශ්‍රාමික විදුහල්පතිවරිය ගසාකා ඇති බව කියනු ලැබේ.