
කුරුණෑගල වාරියපොල, වල්පොල ප්‍රදේශයේ මවක සහ ඇයගේ සය හැවිරිදි පුතු ළිඳට වැටී මියගොස් තිබේ.
ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබුණි.
පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේ මෘත ශරීර සොයාගෙන ගොඩට ගෙන ඇත.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි ලක්මාලි වීරසිංහ සහ කෝවිද සාරමිත් නැමති පුංචි පුතුය.
මියගිය පුංචි පුතුගේ හත් වන උපන්දිනය හෙට (24) දිනට යෙදී ඇතැයි ද සඳහන් වේ.
මියගිය කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අයෙකි.
ඔවුන් ළිඳට වැටී මියගිය ආකාරය පැහැදිලි නැත.

Comments
Post a Comment
Your comment will be visible after approval