World-Cup-2023-Virat-Kohli-to-hit-100-umpires-support-given-to-the-chatter

ඊයේ (19) පුනේහිදී පැවති ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශයට එරෙහි ඉන්දීය තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් විරාට් කෝලි ලබා ගත් ශතකය ඉතා විශිෂ්ට එකක් වුවත් එය ලබාගන්නට විනිසුරු උදව් කළ බවට මේ වනවිට ආන්දෝලනයක් මතුකර තිබේ.
අද්‍රියන් හොල්ඩ්ස්ටොක් හා රිචඩ් කෙට්ල්බර්ග් මෙම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළහ.
 පන්දු ගණන සහ ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන අතර තිබූ පරතරය නිසා විරාට්ට එම ශතකය අහිමි වන්නට ද ඉඩ තිබූ අවස්ථාවේ එංගලන්ත ජාතික රිචඩ් කෙට්ල්බර්ග් මැදිහත් වූ ආකාරය ආන්දෝලනයට තුඩුදී තිබේ.
අවසන් ඕවරයේ බංගලාදේශ ක්‍රීඩක නසුම් අහමඩ් පන්දු යවන විට කෝලිට ශතකයට අඩුව තිබුණේ ලකුණු 3 කි.ජයග්‍රහණයට ලකුණු 2 ක් අඩුව තිබිණ.එහිදි නසුම්  විරාට්  වෙත පා ඉන්නෙන් යොමු කළ පන්දුව වයිඩ් පන්දුවක් විය යුතුව තිබිණ.විරාට් පන්දුවෙන් ඉවත් වූ අතර

එය පා ඉන්නට පිටින් කඩුලු රකින මුෂිෆිකර් රහීම් රැක ගත්තත් විනිසුරු රිචඩ් කෙට්ල්බර්ග් එය වයිඩ් පන්දුවක් හැටියට සළකුණු නොකළේ
ඒ සළකුනු නොකළ පන්දුවට පසුව විරාට් හයේ පහරකින් ඉන්දීය ජය මෙන්ම තමන්ගේ ශතකයද සම්පූර්ණ කළේය. කුමන ආකාරයෙන් හෝ ජය පමණක් අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇති ඉන්දීය ක්‍රිකට් සිය ආධිපත්‍යය මේ වන විට ලෝක ක්‍රිකට් සමාජය තුළ බලපෑම්කාරී තත්වයකට අධිකාරයක් ගොඩනගා ඇති බව විනිසුරු රිචඩ්ගේ මේ හැසිරීම විවේචනය කරන්නන් පෙන්වාදී තිබේ.
විනිසුරුවරයෙක් එසේ හැඟීම්බරව හෝ පක්ෂපාතීත්වයක් පෙන්වමින් කටයුතු කිරීම විනය පිරිහීමකි.  රිචඩ් කෙට්ල්බර්ග්ගේ හැසිරීම ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දක්වන ප්‍රතිචාරයන් ඉදිරියේදී පළවනු ඇත.