train-deaths

අද (12) පෙරවරුවේදී හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියකින් වැටී තරුණයෙක් මිය ගිය අතර අද පස්වරුවේ කොළඹ කොටුව සිටි රඹුක්කන බලා ධාවනය වන දුම්රියෙන් තවත් පුද්ගලයෙක් වැටී තිබේ.
බුළුගහගොඩ දුම්රිය ස්ථානය අසළදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුව ගිලන් රථයක් ආධාරයෙන් රෝහල් ගත් කර තිබේ. ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
මේ අතර අද සන්ධ්‍යා කාලයෙහි 7 ට පමණ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතරතුරදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට ඇති පුද්ගලයා වයස අවුරුදු 45ක පමණ අයෙකු බවත් අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසයි.


තුවාල ලැබූ දුම්රිය මගියා බරපතළ තුවාල සිදුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.
මෙම පුද්ගලයා දුම්රියෙන් පැන්නා ද නැතහොත් ඇදවැටුනාද යන්න සැකසහිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

අද උදෑසන හොරපේ  දුම්රිය ස්ථානය අසළදී මියගොස් තිබුණ තරුණයා ගම්පහ හුනුපිටිය දුම්රිය ස්ථානයට දිනපතා පැමිණෙන මගියෙකි.

දිනිත් ඉඳුවර (18) කාර්යාල දුම්රියෙන් කොළඹට පැමිණ මොරටුව කර්මාන්ත ඉංජිනේරු ආයතනයේ ජලනලනල කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියේය. උදෑසන පියා දුම්රිය ස්ථානයට ඇරලවීමෙන් පසු දුම්රියේ ගමන් කරන අයෙකි.


ඔහුගේ පියා පවසන්නේ මෙම මරණයට වර්ජනය හේතුවූ බවයි. 6.05 ට යන දුම්රිය 6.45 දක්වා ප්‍රමාදවී තිබුණ බවත් ඔහුට දුම්රිය වහලයට යන්නට තීරණය කරන්නට ඇත්තේ එය බවත්ය. ඔහු පාලමක හිස වැදී මරණයට පත්විය.
ඔහුට පවුලේ සහෝදරියන් දෙන්නෙකු පමණක් සිටින අතර පවුලේ එකම පිරිමි දරුවා විය. වැඩිදුර ඉගෙන ගනිමින් ගරාජයක අමතර රැකියාවක් කළ බවද පැවසේ.