train-strike-gazette

දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස  දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරන්නට රජය  පියවර ගෙන ඇත.
අද (12) දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවට ලක්වූ අතර අනපේක්ෂිත මරණ 2 ක්ද වාර්තා විය.
ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම වර්ජනය අසාධාරණ බවත් අත්‍යවශ්‍ය සේවයක් කර ගැසට් ගසන බවත්ය. ජනපතිවරයාගේ බලතල අනුව දුම්රිය සේවය අනිවාර්ය කර මෙම ගැසට්ටුව නිකුත්ව ඇතිඅතර සේවය හැරයන අයට රැකියා ගැටලු වලට මුහුණ දිය හැකි බවට අවදානමක් මතුවේ.
මේ අනුව වර්ජනය හෙට සිදුවනවාද නැද්ද යන්න මේ දක්වා වර්ජකයින් දන්වා නැත.
අදාළ නිවේදනය පහතින්