
ශ්‍රී ලංකාව එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි අවසානයට පෙර කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පිළිබඳ ගැටලුව විසඳාගත යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.එංගලන්ත ස්කයි ස්පෝර්ට්ස් නාලිකාව සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්
හෙතෙම වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට කණ්ඩායම පිටියේදී දක්‍ෂතා අතර සිටින නමුත් ආරම්භක පිතිකරු ගැටලුව විසඳාගත යුතු බවයි.මෙහිදී සංගක්කාර වැඩිදුරටත් පැවසුවේ ලෝක කුසලානයට පෙර ඔවුන් සිය පිතිකරණ ස්ථානයේ ස්ථාවරත්වය රඳවාගත යුතු බවයි.
“ඔවුන් සාර්ථකව ලකුණු රැස්කරගත යුතු වගේම කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා තේරුම්ගත යුතුයි. වඩාත් තරගකාරිව තමන්ගේපිතිකරණය පවත්වා ගන්න ඔවුන් ඉගෙනගතයුතුයි” මෙහිදී සංගක්කාර වැඩිදුරටත් පැවසීය.මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලිය තුළදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණය අසාර්ථකත්වයක් පෙන්වීම කැපී පෙණින.
එහිදී ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා පැතුම් නිශ්ශංක දෙදෙනාම පිතිකරණයෙහි අසාර්ථක වීම කැපී පෙණින. එහිදී මේ දක්වා පැවති ඔවුන් දෙදෙනාටම කිසිදු අර්ධ ශතකයක්වත් වාර්තාකර ගත නොහැකි වූ අතර, ලකුණු ලබාගැනීමේ වේගයද අඩු මට්ටමක පැවතීම ශ්‍රී ලංකාවට ඉහළ ලකුණු පුවරුවකට ගමන් කිර්මට බලපෑම් එල්ල කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval