
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියැදුරා රැගෙන ගොස් ගුරුගොඩ මාවක් ඔය කැලෑව තුළ පහර දී ඝාතනය කිරීමට කළ උත්සාහයක් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ක්ෂණිකව මැදිහත් වීමෙන් වැළකී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගලයකු කැලෑව තුළ” මාව මරන්න එපා” යැයි කියමින් මර ළතෝනි දෙමින් කෑ ගසන බවට මාවක් ඔයේ මාළු අල්ලමින් සිටි පුද්ගලයකු පෙරේදා රාත්‍රී (13) 7.35 ට පමණ හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ගෙන පැවසීමත් සමගම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් සමග ගුරුගොඩ මාවක් ඔය ප්‍රදේශයට ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී කැලෑව තුළ තිබී ත්‍රිරෝද රථය සොයා ගැනීමට හැකිව බව පොලීසිය සඳහන් කරයි.අනතුරුව තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී ඊට මීටර් එකසිය පණහක් පමණ ඈතින් පුද්ගලයෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් කෙදිරිගාමින් වැටී සිටින අයුරු දුටු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කඩිනමින් ඔහු රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය. අනතුරුව යළි එම ස්ථානයට පැමිණි ස්ථානාධිපතිවරයා හොරණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද එම කැලෑව වෙත කැඳවා සෝදිසි මෙහෙයුමක් සිදු කර යම් පිරිසක් කැලෑව තුළ සැඟව සිටිනවා දැයි සොයා බැලුවද කිසිවකු සොයා ගැනීමට නොහැකි වී ඇත.පහර කෑ ත්‍රිරෝද රථ රියැදුරාගේ ගෙල පෙදෙසෙහි වයරයකින් තද කළ සලකුණු දක්නට ලැබුණු බවත් ඒ හේතුවෙන් කිසිදු ප්‍රකාශයක් ලබා ගැනීමට පවා අපහසු බවත් ආරංචි මාර්ග පවසයි.
ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායම එම ස්ථානයට පැමිණීමට තව සුළු මොහොතක් හෝ ප්‍රමාද වූවා නම් ත්‍රිරෝද රථ රියැදුරාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වන තත්ත්වයක් උදාවනු ඇති බව කිසියම් පුද්ගලයකුගේ හෝ කිහිපදෙනෙකුගේ දැඩි පහර කෑමට ලක්ව ඇති බවත් බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන බව පොලීසිය කියයි ඊයේ දහවල් වනවිට ත්‍රිරෝද රථ රියැදුරා යම් ප්‍රකෘති තත්ත්වයට පැමිණ සිටි බවත් කිසියම් පුද්ගලයකු දේවාලයකට යනමුවාවෙන් තමන්ම කැටිව පැමිණි බවත් පුකාශ කළ බවත් අනතුරුව සිදු වූ දෙයක් මතක නැති බවත් ඔහු වරින් වර ප්‍රකාශ ලබා දෙන බව පොලීසිය කියයි.මේ වන විට ඔහුගේ දේපළ කිසිවක් නැති වී නොමැති බවට පවසන පොලීසිය ඔහුට මේ ආකාරයෙන් පහර දුන් හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී ඇතැයි සඳහන් කරයි. පහර කෑ රියැදුරු ඉංගිරිය රෝහල අසල කුලී රථ ගාලේ රියැදුරෙකි.හොරණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval