
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මොහු නතරවී සිට ඇත්තේ විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟය.
හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා ඊයේ (22) අලුයම 2.00 ට පමණ එම සිසුන් දෙදෙනා මිය ගිය ශිෂ්‍යයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල ට ඇතුළත් කර පැයක පමණ කාලයක දී සිසුවා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
එසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වු 22 හැවිරිදි තීවිත් සාහිත්‍යන් නැමැති දන්ත පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකි .
මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැක්කේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පේරාදෙණිය පොලීසිය පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval