
අද (22) පස්වරුවේ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගොස් තිබේ.
වහලයේ කොටස් දුම්රිය මාර්ගයට පතිත වී තිබුණු බව ද වාර්තා වේ.
අද පස්වරුවේ වර්ෂාව සමඟ ඇති වූ තද සුළඟත් සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය කැඩී යාම හේතුවෙන් එහි සිටි මගීන් දෙදෙනෙකුද තුවාලලබා ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්ය.

Comments
Post a Comment
Your comment will be visible after approval