
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගියදා වයස අවුරුදු එකොළහක පමණ වූ දරුවකු ඇතුළු කළේ ඩෙංගු රක්තපාතය වැළදීමේ හේතුවෙනි. දැඩි රෝගී තත්ත්වයෙන් පසුවූ දරුවා සිටියේ සිහිසුන්වය.
දින තුනක ප්‍රතිකාර වලින් දරුවා කෙමෙන් සුවය ලැබීම වෛද්‍යවරුන්ගේ සතුටට හේතුවිය. ඇස් ඇර වට පිට බැලූ ඔහුගෙන් වෛද්‍යවරු හා හෙදියෝ එක්ව තොරතුරු විමසුහ. මොහොතකින් එතැනට දිව ආ මවට බලවත් සතුටක් ඇති විය. ඇය වහා ආපසු දිව ගියේ දරුවාට කෑම හෝ බිම ගෙන වීමට යැයි සිතූ හෙදියන් දැනට කෑම දෙන්න එපා බිම පොඩක් නම් දුන්නට කමක් නෑ කීවාය. එළියට දිවගිය මව ආපසු ආවේ කෑම හෝ බිම රැගෙන නොව ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පුවත්පතක් ඇතැතිවය. පුතා මේක බලන්න. ඇය කී විට අවට සිටි වෛද්‍යාවරයාට හා හෙදියට දෙවියන් සිහිවුනාලු.
(තිහගොඩ උපසේන ලියනගම )
Comments
Post a Comment
Your comment will be visible after approval