සිකුරාදා සිට, Mercedes රියදුරන්ට සුඛෝපභෝගී මෝටර් රථ සමාගමේ හඬ පාලන පද්ධතිය වන MBUX හි ChatGPT නම් බීටා වැඩසටහනකට සහභාගී විය හැක . ChatGPT හි ඇති ස්වභාවික භාෂා අවබෝධය සහා හඬ සහායකගේ මාතෘකා පරාසය පුළුල් කරනු ඇත. එයින් අදහස් කරන්නේ රියදුරන්ට ChatGPT සමඟ එහාට මෙහාට හොදින් සංවාද කළ හැකි බවයි.



මෙහිදී වාහනය පදවන අතරතුර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳ විස්තර, නව රාත්‍රී ආහාර වට්ටෝරුවක් යෝජනා කිරීමට හෝ සංකීර්ණ ප්‍රශ්නයකට පිළිතුරක් පිළිබදව හඬ සහායකගෙන් ඇසූ විට සවිස්තරාත්මක පිළිතුරක් ලැබෙනු ඇත .

ගමන් තොරතුරු ලබා ගැනීම හෝ රාත්‍රී ආහාර සැලසුම් කිරීමට බීටා වැඩසටහනට හැකි වන අතර, දිගු හුදකලා රිය පැදවීම් අතරතුර කාලය ගත කිරීම සඳහා රියදුරන් සංචාරක මිතුරෙකු ලෙස ChatGPT භාවිතා කිරීමට පටන් ගනීදැයි අපි බලා සිටිමු. මෙම නවතම විශේෂාංගය "අපගේ මෝටර් රථ අපගේ පාරිභෝගිකයින්ගේ ඩිජිටල් ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම" නම් වූ සමාගමේ පුළුල් ඉලක්කයේ තවත් එක් කොටසක්  යැයි CTO සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මාකස් ෂාෆර් සඳහන් කළේය.



බීටා වැඩසටහනට සහභාගී වීමට, පාරිභෝගිකයින්ට Mercedes යෙදුම හරහා ලියාපදිංචි වීමට හෝ "Hey Mercedes, I want to join to beta program" යැයි පැවසීම තුලින් හැකියාව ලැබේ. මෙම විශේෂාංගය බලගන්වන්නේ මයික්‍රොසොෆ්ට් හි ක්ලවුඩ් වේදිකා Azure විසිනි. එය OpenAI සමඟ ඒකාබද්ධ වේ.