The-story-Kim-Jong-Un-meet-Putin-arms-talks

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මේ මාසයේ රුසියාවට යාමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපද නිලධාරියෙකු හෙළි කර තිබේ.
යුක්රේනයේ යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාවට මොස්කව් වෙත ආයුධ සැපයීමට ඇති හැකියාව පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බව නිලධාරියා පැවසීය.
රැස්වීම පැවැත්වෙන නිශ්චිත ස්ථානයක් පිළිබදව පැහැදිලි නැත.
උතුරු කොරියාව හෝ රුසියාව , එක්සත් ජනපද මාධ්‍ය ගෙන යන වාර්තාවන්ට ක්ෂණික අදහස් දැක්වීමක් නොකරයි.
දෙරට අතර අවි සාකච්ඡා "ක්‍රියාකාරීව ඉදිරියට යන" බවට නව තොරතුරු ඇතැයි  ධවල මන්දිරය විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම හමුව සිදුවිය.


ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මෑතදී සිදු කළ උතුරු කොරියානු සංචාරයකදී , රුසියාවට කාලතුවක්කු පතොරම් විකිණීම සම්බන්ධව වූ අදහස ඉදිරිපත් කළ බවයි .

රැස්වීමේදී ප්‍රදර්ශනය කරන ලද ආයුධ අතර හ්වාසොං අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඇතුළත් විය. කොවිඩ් වසංගතයෙන් පසු කිම් මහතා විදේශීය අමුත්තන් සඳහා රටේ දොරටු විවෘත කළ පළමු අවස්ථාව මෙය විය.

පුටින් මහතා සහ කිම් මහතා එතැන් සිට "ඔවුන්ගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි කිරීමට ප්‍රතිඥා දෙමින්" ලිපි හුවමාරු කර ගත් බව ඔහු පැවසීය.

උතුරු කොරියාව රුසියාවට ආයුධ සැපයුවහොත් සම්බාධක පැනවීම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජනපදය අනතුරු ඇඟවා තිබේ.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය විසින් සිදු කරන ලද ආකාරයටම රුසියාව, චීනය සහ උතුරු කොරියාව ඒකාබද්ධ වී නාවික අභ්‍යාස පැවැත්විය යුතු බවට ෂොයිගු මහතා යෝජනා කර ඇති බව දකුණු කොරියාවේ ඔත්තු සේවය වාර්ථා කළේය.



තවත් බියක් වන්නේ, අනාගතයේදී ප්යොංයැන්ග්ට ආයුධ අවශ්‍ය වන කාලයක රුසියාව විසින් උතුරු කොරියාවට ආයුධ සැපයීමට එකගත්වයකට පැමිණීම හා  කිම් ජොන් උන් පුටින් මහතාගෙන් උසස් ආයුධ තාක්‍ෂණය හෝ දැනුම ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිය හැකි වීමත්ය.

කෙසේ වෙතත්, ගනුදෙනුවක් උපායමාර්ගිකව තවත් ගනුදෙනුවකින් අවසන් විය හැකිය. දැනට, රුසියාවට ආයුධ අවශ්‍ය වන අතර, සම්බාධක පැනවීම නිසා සාගින්නෙන් පෙළෙන උතුරු කොරියාවට මුදල් සහ ආහාර අවශ්‍ය වේ.

කිම් මහතා සහ පුටින් මහතා අතර හමුව රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ව්ලැඩිවොස්ටොක් වරාය නගරයේදී සිදුවිය හැකි බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේය.

රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු එඩ්වඩ් වොං , බීබීසී ප්‍රවෘත්ති නාලිකාවට පැවසුවේ උතුරු කොරියානු නිලධාරීන්ගේ කණ්ඩායමක් පසුගිය මස අගභාගයේදී ව්ලැඩිවොස්ටොක් සහ මොස්කව් වෙත ගිය බවයි.

2006 සහ 2008 අතර කාලය තුළ උතුරු කොරියාවේ එක්සත් රාජධානියේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් එවරඩ් බීබීසීයට පැවසුවේ, සිදුවිය හැකි සංචාරය පිළිබඳව සිදුවන මෙම පූර්ව ප්‍රචාරණය  " එම සංචාරය සිදු නොවීමට  ප්‍රබල හේතුවක්  " විය හැකි බවයි.


"කිම් ජොන් උන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව ගැන සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා ඉන්නේ. ඔහු තම සංචාර රහසිගතව තබා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඔහු ජනාධිපති පුටින් හමුවීමට ව්ලැඩිවොස්ටොක් වෙත යාමට කර ඇති සැලසුම බාහිර පිරිස් දන්නා බව  දැනගතහොත්, සංචාරය අවලංගු කිරීමට ඉඩ තියෙනවා," යැයි ඔහු පැවසීය. .

එසේම උතුරු කොරියාව සතුව ආයුධ තොග ඇති අතර, ඒවා ඉතා දුර්වල තත්ත්වයේ පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නායකයන් දෙදෙනා අවසන් වරට හමුවී ඇත්තේ 2019 අප්‍රේල් මාසයේදීය.