
මැදිරි කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවකින් පසු ඇමරිකානු ගුවන් යානයෙන් මගියා ඉවත්වී යාමේ සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් ඇත.
ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සමඟ ලොකර් අවකාශය සම්බන්ධයෙන් වාද විවාද කිරීමෙන් පසු මගියා පන්නා දැමීමට මණ්ඩලය කටයුතු කර ඇත. සිදුවීම මෙසේය ...ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක සිටි මගියෙකු පැමිණිලි කළේ සෙසු සංචාරකයෙකු ඕනෑවට වඩා බෑග් ගෙනවිත් ලොකර් අවකාශය අල්ලාගෙන සිටීම ගැන ය.
තවත් මගියෙකු විසින් මෙම සිදුවීම කැමරාවේ සටහන් කර ඇති අතර එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරුවෙමින් පවතී.
ඔහු හැමවිටම තම ගමන් මළු ඇතිනිසා “දැන් ඔතැන ඉඩක් නැත” යනුවෙන් පවසයි .එම අවස්ථාවේ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ඉක්මනින් මැදිහත් වී, මෙලෙස පැවසීය.
“සර්, මම තව එක පාරක් අහන්නම්. මේ සම්පූර්ණ ගමන් මලු සමඟ ඔබ නතර විය යුතුයි, යනුවෙනි.
නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් මගියා පැවසුවේ “ඔයා තව එක පාරක් මට ඇඟිල්ල දික් කරන්න, මම පොලිසියට කතා කරනවා” කියායි.
පසුව මිනිසා නැඟිට, තම අසුනට ඉහළින් ඇති බෑග් ඉවත් කර ගුවන් යානයෙන් පිටතට ගියේය.
එම වීඩියෝවේ විස්තර සමාජ මාධ්‍ය වේදිකාවක් වන Reddit වෙත ගිය පසු පරිශීලකයෙක් මෙසේ ලිවීය, “උපහාසයට කරුණක් නම්, ඔහුට උඩින් විශාල බෑග් හතරක් තිබුණා. එයාගේ බඩු බාහිරාදිය උඩ බක්කියට දාපු මහත්තයාට එයා කරපු බිහිසුණු ජාතිවාදී අදහස් මට එපා වුනා .”
යුනවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval