
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය කිහිපයක වාර්තා පළව තිබේ.
අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක් වූවෙක් බවත් එම වාර්තා වල දැක්වේ.
ඊයේ (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
නිල නොවන ඇතැම් ආරංචිවාර්තා කර ඇත්තේ මේ කියැවෙන්නේ ලොහාන් රත්වත්තේ ගැන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval