kadira-divya-raja-film

සිංහල රිදී තිරය උඩු යටිකුරු කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමා වංශකථාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින් පසුගිය දින තම පළමු මාසය අති සාර්ථකව අවසන් කළා.

අගෝස්තු මස 3 වන දින සැවෝයි සිනමා ශාලාවෙන් මංගල ගමන ඇරඹූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ කදිර දිව්‍යරාජ චිත්‍රපටය මේ වන විට ආදායම් වාර්තා බිද හෙලමින් වාර්තා පිට වාර්තා තබන්නට සමත්ව තිබෙනවා.

තිරගත වීම ආරම්භ වූ දින සිට
■    දින 15 ක් තුළ ලක්ෂ 500 ක අදායමක් ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
■    දින 24 ක් තුළ ලක්ෂ 1000 ක ආදායමක් ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
■    පළමු මාසයේ දී ලක්ෂ 1400 ක ආදායමක් ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
■    සති අන්තයේ වැඩිම ආදායම ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
■    මාසයක් ඇතුළත වැඩිම ප්‍රේක්ෂකයන් ප්‍රමාණය නැරඹූ සිංහල චිත්‍රපටය
කිසිවකුත් දැක නැති කිසිවකුත් අසා නැති සිංහල රිදී තිරයේ මෙවැනි ආදායම් වාර්තා පිහිටුවමින් කදිර දිව්‍යරාජ චිත්‍රපටය මුල්පෙල මුල්ම තැන ගන්නේ සිංහල සිනමා කර්මාන්තයට නව ජීවයක් එක් කරමිනි

මෙවැනි විශාල වෑයමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් සාර්ථකත්වය කරා ගෙනයාමට ප්‍රේක්ෂක ජනතාව දුන් සහයෝගය වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක  සමිමානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුලු
නිෂ්පාදක මඩුල්ල හා චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ස්තූතිය පළකර සිටින අතර චිත්‍රපටය නැරඹීමට දිනෙන් දින වැඩිවන ජන ගඟෙන් එහි සාර්කත්වය පිළිබිබු වන බවද අප මනාව දන්නා කරුණකි.

කදිර දිව්‍යරාජ චිත්‍රපටයෙන් ලැබූ පන්නරයෙන් දිනෙන් දින දියුණු වී, කඳ සුරිඳු පිහිට ලැබී පැවති අඳුරු කාලය දුරු වෙමින් සිනමා කර්මාත්තය නව මානයකට පැමිණෙත්වායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
----------------------------------------------------------

එතෙර සිටින බැතිමතුන්ට ‘කදිර දිව්‍යරාජ’

කඳ සුරිඳුන්ගේ ජීවන වෘත්තාන්තය වටා ගෙතුණු, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණයෙන් හා රයිගම් දෙවැනි එක අනුග‍්‍රාහක පාරමිතාවකින් ලොවටම දිගහැරෙන කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ තවත් රන් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට පසුගිය දා හැකි වුණා. ඒ ලොව පුරා තිරගත වීම ආරම්භ කරමින් ලංකාවෙන් එපිට ප‍්‍රථම ප‍්‍රදර්ශනය ලෙස  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර රීඩින් (ඍැ්ාසබට) සිනමා ශාලාවේ සැප්තැම්බර් 03 වන දින සන්ධ්‍යාවේ දිගහැරුණු ප‍්‍රථම දර්ශනවාරය සමඟයි.

අති උත්කර්ෂවත්ව පැවති මෙම ප‍්‍රථම දර්ශනවාරයට වල්ලි ලෙස රංගනයෙන් දායක වන භාරතීය ජනප‍්‍රිය නිළි සොනක්ෂී සිං රාවත් සහභාගී වුනු අතර  ඕස්ටේ‍්‍රලියාවේදී දිගහැරුණු ප‍්‍රථම දර්ශනවාරය වූවද එහි ආසනයක් ඇයටවත් ඉතිරි නොවීම අපගේ විස්මයට කරුණකි. ප‍්‍රදර්ශනයට දින කිහිපයකට පෙරාතුවම එහි ටිකට්පත් අලෙවි වී අවසන් ව තිබීමත් එතෙර සිටින පේ‍්‍රක්ෂකයන් අතර මෙම සිනමා සිත්තම සීග‍්‍රයෙන් ප‍්‍රචලිත වීමත් අපට ආශ්චර්යමත් කරුණකි.

ශ‍්‍රී ලංකාවේ මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවේ නොඅඩුවම පේ‍්‍රක්ෂක ආදරය හිමිවුණු මෑත කාලයේ බිහි වුණු විචිත‍්‍රතම චිත‍්‍රපටය ලෙස කදිර දිව්‍යරාජ සිනමා සිත්තම ඉතිහාසගත වේවි යැයි අපට හැෙඟ්. කඳ සුරිඳු කෙරෙහි ඇති භක්තියත් සිංහල සිනමාවට ඇති ආලයත් එතෙරක සිටියත් තම සිත් සතන් තුළ පැලපදියම් වී ඇති බව ඔප්පු කළ මෙල්බර්න් ශ‍්‍රී ලාංකික වැසියන් චිත‍්‍රපටය නරඹා අවසන් වූ විට සිනමා ශාලාවෙන් පිටවූයේ              ”සෑහෙන කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්” යැයි හද පත්ලෙන්ම පැන නැගුණු සතුට වචනවලට පෙරලමිණි.

මෙල්බන් නුවර ප‍්‍රථම ප‍්‍රදර්ශනයෙන් අනතුරුව එළඹෙන 10 වන දින  ඕස්ටේ‍්‍රලියාවේම සිඞ්නි නුවර ඉවෙන්ට් සිනමා ශාලාවේ ප‍්‍රධාන මංගල දර්ශනය සූදානම් කර ඇති අතර ඒ සඳහා ස්කන්ධ කුමරුගේ චරිතයට පණ පොවන භාරතීය ප‍්‍රධාන සිනමා නළු සමර් වෙර්මානි සහ නිලි සොනක්ෂි සිං රාවත් සහභාගී වන බව ද නිෂ්පාදක මඩුල්ල අපට දන්වා සිටියා.  එම දර්ශනවාරය සඳහා ද මේ වන විටත් ප‍්‍රවේශපත‍්‍ර හරි අඩකට වඩා වැඩි කොටසක් අලෙවි වී ඇති බවත් ඔවුන් තවදුරටත් පවසා සිටියා.

එතෙර ප‍්‍රදර්ශනය ආරම්භ වී දැඩි පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලැබීමත් සමඟ වැඩි දෙනාගේ ඉල්ලීම මත තවත් දර්ශනවාරයක් සැප්තැම්බර් 17 වන දින බි‍්‍රස්බේන් නුවර ඉවෙන්ට් (ෑඩැබඑ) සිනමා ශාලාවේ සවස 6.15 ට පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. සියලූ දර්ශනවාර දැනටමත් තීරණය කර අවසන් නොමැති අතර එතෙර සිටින පේ‍්‍රක්ෂක ජනතාව වෙනුවෙන් ඉදිරියේදී තවත් දර්ශනවාර කීපයක් පැවැත්වීමටද නිෂ්පාදක මඩුල්ල පියවර ගෙන තිබෙනවා.

වැටී සිට යළි නැගිටින සිංහල සිනමාවට පණපෙවූ කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය ආදායම් පිට ආදායම් වාර්තා තබමින් රජ ගමනේ ඉදිරියට ඇදෙන්නේ පේ‍්‍රක්ෂක ඔබගේ ආශිර්වාදයෙන් බව අප සැවොම පිළිගතයුතු කරුණකි.