
ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදුකරනු ලැබුවද එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටුනොවන බව පෙනී ගොස් ඇති බවයි සඳහන් වෙයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර තිබෙයි.
ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබෙයි.
එම යෝජනා සැලකිල්ලට ගෙන 1972 අංක 7 දරන ගෙවල් කුලි පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත් යෝජනා වී තිබෙනවා.

Comments
Post a Comment
Your comment will be visible after approval