
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සමාලෝචනයේ
යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.
අද සිට සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එළැඹෙන සැප්තැම්බර් 26 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද පැවති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහභාගී වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer), නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්‍යා ස්වරිසෙන්කා (Katya Svirydzenka), මයික් ලී (Mike Li), සොෆියා ෂෑන්ග් (Sophia Zhang), ඩිමිත්‍රි රෝස්කෝව් (Dmitriy Rozhkov), නෝඩා සෙලීම් (Noda Selim), සන්දේශ් දුන්ගානා (Sandesh Dhungana), නුයි මියාඕ (Nui Miao), ජෝයි ටර්කෙවිට්ස් (Joei Turkewitz), නුඔන්ග් ලැන් වූ (Nuong Lan Vu) ය මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර මාර්ක් ඇඩම්ස් Mark Adams මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක් විය.
