muthuhettigama-remand

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර නියෝග කර තිබේ.
නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට,

ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට ඔහු හසුව තිබුනේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට නොගෙන පැහැර හැර සිටි විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙසද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර එහිදී නියෝග කර ඇත.
ඔහු අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
අදාළ වාහනය,

වලාන දූෂණ මර්දන ඒකකය අත්තඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වැනිදා එහි අයිතිකරුවන් දැනගත් පසු විමර්ශන ඇණහිට තිබූ නමුත් ප්‍රමාද වී අදිකරණය වෙත ගෙනවිත් තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට නොගැනීම සහ විමර්ශන පිළිබඳ සෑහීමකට පත් නොවීම හේතුවෙන් වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂ ඊළඟ නඩුවාරයට කැඳවා ඇත.