grandpass-incident

නිවසේ තිබූ බුලත් කොළ හතරක් යාබද ඥාති  නිවෙසකට දුන්නැයි උරණ වී අවුරුදු 8ක් වයසැති දියණියට පොල්ලකින්  අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන මවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුණි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි හතළිස් පස් හැවිරිදි කාන්තාවකි. ම

ෙම දැරියගේ සිරුරේ තැනින් තැන තැළීම් තුවාල රැසක් පෙනෙන්නට ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙක් පැවසීය.දැරිය පාසලට ගිය අවස්ථාවේ පුටුවේ වාඩි නොවී සිටගෙන පාඩම් කටයුතුවල නිරතව සිටීම ගැන පන්තිභාර ගුරුවරිය ඇයගෙන් ඊට හේතු විමසා ඇතැයිපොලිසිය කියයි.

බුලත් විට කෑමට නිවෙසට පැමිණි නැන්දාට බුලත් කොළ හතරක් ලබාදීම ගැන උරණ වී මව තමාට පොල්ලකින් පහර දුන් බවත් පිටුපස පැත්තට වැදුණු පහරවල් හේතුවෙන් ඇතිව තිබෙන වේදනාව නිසා වාඩි වීමට නොහැකි බවත් සිසුවිය පන්තිභාර ගුරුවරියට පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට දැනුම් දීමෙන් පසු විදුහල්පතිවරයා මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දුරකතනයෙන් කතා කර පැමිණිලි කර ඇත. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත කාර්යාංශයේ පොලිස් ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇයගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව විවාහ තුනක් කර ගත් තැනැත්තියක යැයි පොලීසිය කියයි.පහර කෑමට ලක් වී ඇත්තේ සැකකාර කාන්තාව දෙවනුව විවාහ කරගත් සැමියාට දාව උපන් දියණියක යැයිද පොලිසිය කියයි.ඇය පළමු විවාහයෙන් සහ දෙවනුව විවාහ කරගත් බව කියන සැමියන්ගෙන් වෙන් වී මේ වන විට තුන්වැනි විවාහයක්ද කරගෙන සිටින තැනැත්තියක් යැයි කියති.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය