
කිලිනොච්චිය පොලිස් වසමේ ඊයේ (14) වන දින උදෑසන කාලයේදී මලයාලපුරම් වැව - අයියන්කුලම් ඇල අසළ නීති විරෝධි කසිප්පු මත්පැන් නිෂ්පාදනය කරන බවට ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදු කර තිබුණි.
එම වැටලීමේදි නීති විරෝධි මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා බැරල් කිහිපයක් සොයාගෙන තිබූ අතර නිලධාරීන් විසින් තවදුරටත් ඇළ ආශ්‍රිතව සෝදිසි කර මින් යද්දී පොලිස් කොස්තාපල් 91499 චතුරංග නිලධාරීයා වැටලීම සිදු කළ ස්ථානයෙන් නැවත පැමිණියේ නැත.
ඔහු තවදුරටත් සෝදිසි කිරීම සඳහා ඇල හරහා අනෙක් පැත්තේ පිහිටි ප්‍රදේශයට ගොස් තිබී ඇති අතර පසුව පරික්ෂා කිරීමේදිත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව කන්ඩායමේ අනෙක් අය දන්වා තිබුණි.
අතුරුදහන් වූ නිලධාරීයා සොයා ගැනීම සඳහා යුද හමුදා, නාවික සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර අද 15 පුදුයම්කුලමේදී මලයාලම්පුර ජලාශයේ පාවෙමින් තිබි නිලධාරියාගේ මෘත ශරිරය සොයාගෙන තිබේ.
ඔහු මියගිය ආකාරය පැහැදිලි නැත.
මිය ගිය නිලධාරියා පොලිස් කොස්තාපල් 91499 සුභසිංහ ලියනගේ ජනක චතුරංග ජයසේන, වයස අවුරුදු 28 ක් වන අඹගහ වත්ත, වලස් මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. නිලධාරියා කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙම අනපේක්ෂිත මරණය සිදුවිය.
මෘත ශරීරය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණයක් හා අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා විසින් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Comments
Post a Comment
Your comment will be visible after approval