
මුහුණු පොතේ පළකර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පැමිණ එය ළඟ තබාගෙන සිටි තරුණයාගෙන් පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පලා ගියේ යෑයි කියන විසිපස් හැවිරිදි තරුණියක ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වන අය දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් යැයි පොලීසිය පවසයි.
තරුණයා ළඟ තිබී තරුණිය ලබාගත් බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය සොයාගෙන ඇත.
පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇත. මුහුණු පොතේ පළ කර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර කලින් කතා කරගත් පරිදි එය මිලදී ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිටට පෙරේදා (3) පැමිණ ඇතැයි පොලිසිය කියයි.දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් ඉල්ලාගෙන තරුණිය පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක උදයශාන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval