Ukraines-First-Lady-Olena-talks-about-the-impact-of-war-on-family-life

අතිශය පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවකදී යුක්රේනයේ ජනාධිපති ආර්යාව Olena Zelenska , BBC වෙත පවසා ඇත්තේ යුද්ධය තම පවුලට ඇති කළ චිත්තවේගීය බලපෑම පිළිබඳව ය.
"මෙය තරමක් ආත්මාර්ථකාමී වෙන්න පුලුවන්, නමුත් මට අවශ්‍ය වන්නේ මගේ සැමියා මිස ඓතිහාසික චරිතයක් නොවේ," ඇය පැවසුවාය.

පවුලේ අයට එකට කාලය ගත කිරීමට නොහැකි වීම ගැනද ඇය පැවසුවාය.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන විට, ඔලේනා සෙලෙන්ස්කා සිය දරුවන් සමඟ රහසිගත ස්ථානවල මාස ගණනක් සැඟවී සිටියාය.

ආක්‍රමණය ආරම්භයේදී ඇගේ චිත්තවේගීය තත්වය තරමක් ව්‍යාකූල වූවත්,  කාලය ගෙවී යත්ම, ඇය සන්සුන් වී "පවතින තත්වය" තුළ ජීවිතය ආරම්භ කිරීමට "අවශ්‍ය" බව ඇය වටහා ගත්තාය.

ආක්‍රමණය ආරම්භයේදී සැඟවී සිටියත්, පසුකාලීනව ඇය නායකයින් හමුවීමට සහ දේශන පැවැත්වීමට ලොව පුරා සංචාරය කර ඇත.



"අපි මගේ සැමියා සමඟ එකට ජීවත් වෙන්නේ නැහැ, පවුල වෙන් වෙලා ඉන්නේ. අපි එකිනෙකා දකින්නෙත් බොහෝම කලාකුරකින්. මගේ පුතාට ඔහුගේ පියා නැතුව පාලුයි." යැයි ඔලේනා සෙලෙන්ස්කා බීබීසීයට පැවසුවාය.

කෙසේ වෙතත්, මෙම යුද්ධය තුළ ඇති ජීවත්වීමේ අවිනිශ්චිතභාවය ඇගේ දරුවන්ට මානසික පීඩනයක් බව ඇය පැවසුවාය.

"මගේ දරුවන් ඔවුන් පසුවන වයස් සීමාවන් සමග කිසිම සැලසුමක් නැතුව බලා සිටීම මට වේදනාවක්.  මගේ දුවට වයස අවුරුදු 19 යි. සිහින දකින්න, හැගීම් බෙදා ගන්න ඇයට කිසිම අවස්ථාවක් නෑ."

ජනාධිපති ආර්යාව සහ යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky උසස් පාසල් කාලයේ සිට පෙම්වතුන් විය. Volodymyr නළුවෙකු ලෙස සහ Olena පිටපත් රචකයෙකු ලෙස රූපවාහිනී නාලිකාවක එකට වැඩ කර ඇත.

ඇය පවසන්නේ තම සැමියා අද සිටින "ඉතිහාසගත චරිතය" බවට පත්වනු ඇතැයි තමා සිහිනෙන්වත් නොසිතූ බවත්, තමාට ඔහු මග හැරී ඇති බවත්, ඔහු තම සැමියා ලෙස තමාගේ පැත්තේ සිටීමට අවශ්‍ය බවත්ය.



"මම ඔහුව විශ්වාස කරනවා. මම ඔහුට සහයෝගය දෙනවා. ඔහුට ප්‍රමාණවත් ශක්තියක් ඇති බව මම දන්නවා. ඔහු සැබවින්ම ඉතා ශක්තිමත් සහ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන පුද්ගලයෙක්."

ජනාධිපති ආර්යාව ලෙස ඇය මෑත කාලයේ යුක්රේන ජනයාට යුද්ධයේ මානසික බලපෑම සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඇය මානසික සෞඛ්‍යය සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරන සමුලුවකට  Kyiv හි සම සත්කාරකත්වය දැක්වීමට සූදානම් වේ. බ්‍රිතාන්‍ය නළුවෙකු , ලේඛකයෙකු සහා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වන ස්ටීවන් ෆ්‍රයි අනෙක් සම-සත්කාරකයා වේ.

යුක්රේනියානුවන්ට හෙට ගැන විශ්වාසයක් හෝ අනාගතය ගැන විශ්වාසයක් නැති බවත් , නමුත් ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති බවත් , ඇය පැහැදිලි කළාය.
"අපට ජයග්‍රහණය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තියෙනවා , නමුත් එය කවදා පැමිණේදැයි අපි දන්නෙ නැහැ." යැයිද අවසානයේ ඇය පැවසුවාය.