dehiwala-robber-nabbed

දෙහිවල, එඬේරමුල්ල, වැල්ලවත්ත යන පොලිස් වසම්වල නිවාස බිඳ රුපියල් ලක්ෂ තිහකට අධික වටිනා රන්භාණ්ඩ, රූපවාහිනි, ඩෙස්ක්ටොප්, විදුලි · පංකා, ලැප්ටොප්, ප්‍රොජෙක්ටර්, හෝම් තියටර්ස්, ජංගම දුරකථන, ඇතුළු දේපළ සොරාගන්නා ලද ගැහැනු දෙදෙනකු ඇතුළු 4 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.සැකකරුවන් මට්ටක්කුලිය පදිංචිව සිටින වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන බවත්,

ඒ අතර ප්‍රධාන සැකකරුගේ බිරියගේ අනියම් සැමියාද සිටින බවත් පොලීසිය පැවසීය.

මෙහි ප්‍රධාන සැකකරු මීට පෙර නිවාස බිඳුම් ගණනාවකට අධිකරණයෙන් දඬුවම් ලබා පැමිණි අයෙකු වන බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් 8430 ක් සමග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සොරකම් පිළිබඳව අනාවරණය වී ඇතැයිද වැල්ලවත්ත පොලීසිය සඳහන් කළේය. වැඩිදුර විමර්ශනයේ දී සැකකරුවන් සොරාගත් දේපළ වලින් රන්වළලු, චේන්, ලැප්ටොප් 3 ක්, රූපවාහිනි 3 ක්, ප්‍රොජෙක්ටර්1 ක්, හෝම් තියටර්ස්, විදුලි පංකා 1 ක්, ජංගම දුරකථන 1 ක් ඇතුළු දේපළ සැකකරුවන්ගේ නිවාසවල තිබියදී හා අලෙවි කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කීය.

එච්.එම්. ධර්මපාල