
කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගි න් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව සිටින්නීය.ඇය මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද විය.විෂයන් 7 කින් සමන්විත මෙම ශාස්ත්‍රපති උපාධිය සඳහා ඇය පාලි නිකාය ගත බෞද්ධ චින්තනය - විග්‍රහය හා විවරණය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ 11 (ශ්‍රී ලංකාව) බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාදී සම්ප්‍රදාය - ඉතිහාසය හා ධර්ම කරුණු, බෞද්ධ ආචාර ධර්මය - සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පරේක්ෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණය යන විෂයයන්ගෙන් පෙනී සිට ඇත.
ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පරේක්ෂණ මාතෘකාව ලෙස ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක් ද සම්පාදනය කර තිබුණි. ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එයද සමත්ව ඇත.මෙලෙස ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගය සමත් වූ ඇය ගැහැනු දරුවන් 6 දෙනෙකුම බලා ගනිමින් ජීවිතයටද මුහුණ දෙමින් මෙම විභාග සමත්ව සිටීම විශේෂත්වයක් විය.
නොතාරිස් වෘත්තීයෙන් ජීවිතය අරඹා ඇති අය 1952 වසරේ දී එම විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා ලෙස සමත් වූ එකම කාන්තාව ද වූවාය. 1962 වසරේදී නොතාරිස් වරයකු සමග විවාහ වී ඇති ඇය හොරණ සිට නාවලපිටිය ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත.1970 වසරේදී ඇගේ සැමියා හදිසියේම මිය ගොස් ඇති අතර එදින පටන් ඇය මෙලෙස ගැහැණු දරුවන් හය දෙනකු හදා වඩා ගනිමින් ජීවිතයට මුහුණ දී ඇති අතර අද ඔවුන් සියල්ල ඉතා ඉහළ තනතුරු දරන අතර අධ්‍යාත්මික සුවය පතා වයසට ගියත් ඇය මේ ලෙස අධ්‍යාපනයේ නියැලෙන බව පවසන්නීය.මැහුම් ගෙතුම් පමණක් නොව චිත්‍ර කලාව පුවත්පත්කලාව වගාවන් සිදු කිරීම ආදී සියල්ල ඇය විනෝදාංශයක් වශයෙන් අදටත් සිදු කරන්නීය. වයස අවුරුදු අනූ හතක් වූ මෙම මාතාව ඇගේ අලුත්ම වැඩ ගොනුව ලෙස නවකතාවක් රචනා කිරීමද ආරම්භ කර ඇත.එසේම ඇය ග්‍රන්ථ පරිශීලනය කරමින් ශාස්ත්‍රීය ලිපි රචනා ද සිදු කරන්නීය.
සුරංග රාජනායක


Comments
Post a Comment
Your comment will be visible after approval