Dilipan-continue-Jaffna-Court

ත්‍යාග දීපම් දිලීපන්ගේ 36 වැනි සංවත්සරය නිමිත්තෙන් දිලීපන් රුව රැගත් රථ පෙළපාලිය පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ වී වව්නියාවට ළඟා වන විට ත්‍රිකුණාමලය හරහා සිටියදී සිටියදී සිංහල ජාතික පිරිසකගේ ප්‍රහාරයට ලක්විය.



ත්‍යාග දීපම් දිලීපන්ගේ රුව රැගත් වාහන වවුනියාවේ ගමන් කිරීම තහනම් කරන ලෙසට පොලිසිය වවුනියාව අධිකරණයට පෙත්සමක් ගොනු කළද එය ප්‍රතික්ෂේප කළ අධිකරණය එය ව්‍යාකූල නොවන පරිදි පොලිස් ආරක්ෂාව යටතේ සිදු කල හැකි බව දක්වා අවශ්‍ය ආරක්සාව  ලබාදෙන ලෙසට ඊයේ (18) නියෝගයක් නිකුත් කළේය.

වවුනියාව ප්‍රදේශයේ මෙම වාහන ගමනාගමනය සිදුවුවහොත් එය මහජන සාමයට බාධාවක් වන අතර වාර්ගික සහජීවනයට බාධාවක් වන බවට පුද්ගලයින් දෙදෙනෙකු වවුනියාව පොලිසියට පැමිණිලි කර තිබුණි. එම පැමිණිල්ලට අනුව පොලිසිය වවුනියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලා තිබිණි.
අධිකරණය පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර මළවුන් සිහි කිරීමට සැමට අයිතියක් ඇති බව පෙන්වා දී වාර්ගික ගැටුම් සහ ව්‍යාකූලත්වය වැළැක්වීමට ආරක්ෂක පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.

1980 දශකයේ කොටි සංවිධානයේ මුල්කාලීන නායකයෙකු වූ දිලීපන් ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලයේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා උපවාස කොට තිබූ නිරාහාරව දින 12 ක් සිටි අතර ත්‍යාග දීපම් දිලීපන් මහතා සිය දිවි පුදකර තිබුනේ මීට වසර 36 කට පෙර 1987 දීයි.