Ex-Colorado-police-officer-who-put-handcuffed-woman-in-car-hit-by-train-avoids-jail

එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ හිටපු පොලිස් නිලධාරියෙකු මාංචු දැමූ කාන්තාවක් පොලිස් මෝටර් රථයකට දමා සිරකර තබාගෙන සිටි අතර , පසුව එම මෝටර් රථය භාණ්ඩ ප්‍රවාහන දුම්රියක හැපී අනතුරක් සිදුවී ඇත.
Jordan Steinke ජුලි මාසයේදී නොසැලකිලිමත් ලෙස අනතුරට පත් කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසුව,  අධීක්ෂණ පරිවාස මත මාස 30 ක සිරදඬුවම් නියම කරන ලදී.

සිද්ධිය හේතුවෙන් රැකියාවද අහිමි වූ 29 හැවිරිදි තරුණියට පැය 100ක ප්‍රජා සේවයක් සිදු කරන ලෙස නියෝග කර තිබේ.

අනතුරින් මෝටර් රථයේ තබා ගෙන සිටි Yareni Rios-Gonzalez නමැති කාන්තාවට මොළයේ ආබාධයක් ඇතුළුව බරපතළ තුවාල සිදු විය.



මෙම සිදුවීම සිදු වූයේ 2022 සැප්තැම්බර් මාසයේදීය. ඒ ස්ටේන්කේ සහ තවත් නිලධාරියෙකු විසින් ඩෙන්වර් ප්‍රාන්ත අගනුවර සිට සැතපුම් 72 ක් (කිලෝමීටර් 115) පමණ දුරින් පිහිටි වෙල්ඩ් ප්‍රාන්තයේ ආයුධයක් සම්බන්ධ  සිද්ධියක් ගැන විමර්ශනය කරමින් සිටියදී ය.

රියෝස්-ගොන්සාලෙස් මහත්මියව අත්අඩංගුවට ගෙන  දුම්රිය මාර්ගයේ නවතා තිබූ පොලිස් මෝටර් රථයකට ගෙන යන ලදී.

නිලධාරීන් ඇයගේ වාහනය සෝදිසි කරමින් සිටියදී දුම්රියක් එම පොලිස් මෝටර් රථයේ ගැටී ඇත.

  “එදා රාත්‍රියේ සිදු වූ දෙය වසරක් පුරාවට මගේ සිතේ හොල්මන් කළා,” යැයි උසාවියේදී ඉදිරිපත් කරන ලද සමාව අයැදීමක දී ස්ටේන්කේ පැවසූ අතර , දුම්රිය මාර්ගවල අනතුරු පිළිබඳව පොලිස් නිලධාරීන්ට අධ්‍යාපනික පුහුණුවක් අවශ්‍ය වන බවද Steinke වැඩිදුරටත් පැවසීය.



ඩෙන්වර් පෝස්ට් පුවත්පතට අනුව, රියෝස්-ගොන්සාලෙස් මහත්මියගේ නීතීඥවරියක් උසාවියට පැවසුවේ, තම සේවාදායකයා ස්ටයින්කේට වෘත්තිය අහිමි වීම ගැන කණගාටු වන බවයි.

විනිසුරු තිමෝති කර්න්ස් පැවසුවේ විෂමාචාර සඳහා පොලිස් නිලධාරීන් වගකිව යුතු බවට පාඩමක් ලෙස ස්ටයින්කේ සිරගෙට යැවීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, විත්තිය සහ පැමිණිල්ල යන අංශ දෙකම පරිවාස දඬුවමක් ඉල්ලා සිටි විට ඔහු ඔහුගේ අදහස වෙනස් කළේය.

සිද්ධියට සම්බන්ධ දෙවැනි නිලධාරියා වන පැබ්ලෝ වස්කේස් මේ වසර අගදී නඩු විභාගයකට යාමට නියමිතය.
video below