
ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ඉගැන්වීම් වටහාගැනීමට අපහසු බව කියමින් සිටි යාපන සරසවි සිසුවියක ඛේදනීය ලෙස සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියයාමේ පුවතක් වාර්තාවේ.
කනස්සල්ලට පත්ව සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියගේ මව පවසන්නේ ඉංග්‍රීසි භාෂා ගැටලුව හේතුවෙන් ඇය මානසිකව පීඩාවට පත්ව සිටි බවයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්තකුමාරි ඩිලක්සි යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ අතර ඇය මියගියේ 17 වනදා පස්වරුවෙිය.
වයස අවුරුදු 22 ක්වූ ඩිලක්සි පස්වරුවේ තම නිවස තුළදී ගෙල වැළලාගෙන සිටින අයුරු දැක තිබුණේ ඇගේ සොහොයුරාය.
අනතුරුව ඇයව වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කළද ඇය ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටියාය.
සියදිවි නසා ගැනීමට හේතුව කිසිතැනක සටහන් කර නැත.
මියගිය ඩිලක්සිගේ මව දියණියට විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන ඉගැන්වීම් කටයුතු අසීරු වූ නිසා තමන්ට යළි විශ්වවිද්‍යාලයට යාමට නොහැකි බව දන්වා මැසිවිලි නැගූ බව පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙයි.


Comments
Post a Comment
Your comment will be visible after approval