A-human-trafficker-who-has-agents-in-Sri-Lanka-was-arrested-in-Nepal

විවිධ විදේශ රටවලට පුද්ගලයින් පදිංචියට යවන බව පවසමින් ජාවාරම් කිරීමේ චෝදනාව මත දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන නේපාලයේ රුකුම් ප්‍රදේශයේ පුද්ගලයෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව My Republica වාර්තා කරයි.
නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව සහ ලතින් ඇමරිකාව ඇතුළු ස්ථානවල නියෝජිතයින් පස් දෙනෙකු නියෝජිතයන් ලෙස යොදවා ඇති බව පොලිසිය අනාවරණය කළේය.

එම නියෝජිතයින් තිදෙනෙකුට එරෙහිව නඩු පහක් වාර්තාවීමෙන් අනතුරුව කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේය.

දැනට ටෙක්සාස් හි පදිංචිව සිටින 52 හැවිරිදි හස්තා ගෞතම් නමැති ඔහු තම සේවාදායකයින් විවිධ රටවලට රැකියා සඳහා යවන මුවාවෙන් රුපියල් මිලියන 20කට අධික මුදලක් එකතු කර ඇති බව නේපාල පොලිසියේ මිනිස් ජාවාරම් විමර්ශන කාර්යාංශය පවසයි.

ගෞතම් මෙම ජාවාරමේ මහ මොළකරු වන අතර මේ වන විට නේපාල පුද්ගලයන් 200ක් පමණ එක්සත් ජනපදයට ප්‍රවාහනය කර ඇත.



ගෞතම්ගේ වංචා නිසා විපතට පත් පුද්ගලයන් 4 දෙනෙකු පොලිසිය විසින් සාර්ථකව බේරාගෙන ඇති අතර තවත් දෙදෙනෙකු බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව පවසා තිබේ.

විදේශ රැකියා සඳහා යවන මුවාවෙන් පුද්ගලයන් 13 දෙනෙකු අතරමං කළ බවට ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව වාර්තා විය.